මේක පෞද්ගලික පළිගැනීමක් නෙමෙයි - චමල්

  👤  1929 readers have read this article !
Published by : MB WEB 2018-04-04 15:04:01

විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ පෞද්ගලික පළිගැනීමකට හෝ ඊර්ෂ්‍යාවකට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.
 
විශ්වාසභංග විවාදයේ දී අඳහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසී ය.
 
එමෙන්ම ජනතාව බලාපොරොත්තු වූ දේ මෙලෙස අද විශ්වාස භංගයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
 
එපමණක් නොව  විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය නොවන බවත්, මෙය  පෞද්ගලික පළිගැනීමක් නොවන බවත් ඒ මහතා පැවසීය.
 
එමෙන්ම මෙම විශ්වාසභංගට පක්ෂව තමා ඡන්දය ලබා දෙන බවත්, ඒ සඳහා ඡන්දය ලබාදීමට අනෙකුත් පිරිසටද තමන් ආරාධනා කර සිටින බව චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon