එජාපෙ දෙකඩ වීම නවත්වන්න කාටවත් බෑ-හෘද සාක්ෂියට එකඟව සහය දෙන්න

  👤  1922 readers have read this article !
Published by : MB WEB 2018-04-04 16:07:26

අද දිනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට හිමිවන ප්‍රතිඵලයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
 
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත් වෙන විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
 
මොන තරම් කොන්දේසි පැමිණියද හෘද සාක්ෂියට එකඟය විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන ලෙස ද මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලීමක් කරමින් සභාවෙන් ඉල්ලා සිටියේය.
 
මෙරට ආර්ථිකය හැසිර වු ප්‍රධාන පුද්ගලයා අගමැතිවරයා බවත්, ඔහු එයින් අසාර්ථකත්වයට පත්වු බවත් අලුත්ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
 
ආර්ථික කමිටුව හරහා සියලු සොරකම් සිදු කරනු ලැබූ බවත්, ආර්ථික කමිටුව අහෝසි කරන විට එයට සම්බන්ධ වු සියලු දෙනා දුක්වන බව ද මන්ත්‍රීවරයා මෙහිදි කියා සිටියේය.
 
මේ අතර අද දිනයේ දී විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමින් සිටින බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon