සුමෝ තරග බලන්න 21දා බණ්ඩාරනායක ශාලාවට යන්න

  👤  1046 readers have read this article !
Published by : MB WEB 2018-04-05 15:22:39

ජපන් ශ්‍රී ලංකා කිසුනා සංවිධානය සහ කිසුනා ජාත්‍යන්තර සමාගම මඟින් සංවිධානය කරනු ලබන ජපන් එක්ස්පෝ ප්‍රදර්ශනය අප්‍රේල් 21 සිට 23 වනදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ජපානයේ ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙන 'සුමෝ' ප්‍රදර්ශන තරගයන් දැක බලාගැනීමට මෙම ප්‍රදර්ශනයේදී ඉඩකඩ ලබා දී ඇත.

'රික්ෂි' ලෙස හඳුන්වන සූමෝ ක්‍රීඩකයෝ ‍ෙදාහොයෝ සුමෝ වළල්ල මත ප්‍රතිවාදියා සමඟ සටන් වදින අතර එකිනෙකා සමඟ පොර බැදීමේදී ඔවුහු ටොන් දෙකක පමණ බලයකින් පහරදීම සිදුකරති. සුමෝ ක්‍රීඩකයන්ගේ නිල තරගාවලි වසරකට අඛණ්ඩ දින 15 බැගින් නිල තරගාවලි 6ක් ලෙස පැවැත්වේ.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්විණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon