අභියෝගතා කුසලාන 14න් පහළ ආරාධිත ක්‍රිකට් තරගාවලිය 07දා සිට

  👤  1198 readers have read this article !
Published by : MB WEB 2018-04-05 17:44:06

නෙල්සන් මෙන්ඩිස්' අභියෝගතා කුසලානය වෙනුවෙන් 14 වැනි වරටත් පැවැත්වෙන අවුරුදු 14න් පහළ ආරාධිත ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 07 වැනිදා සිට අප්‍රේල් 21 වැනිදා දක්වා පැවැත්වීමට සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසල මඟින් කටයුතු සංවිධානය කර ඇත.

ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉස්මතු කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගාවලියට කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 28ක් තරග වැදීමට නියමිත අතර මූලික වටයේ තරග අවසානයේ මෙම කාණ්ඩ හතරෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 බැගින් අර්ධ අවසාන පූර්ව වටයන්ට ඉදිරිපත් වනු ඇත.

මූලික වටයේ තරග පන්දුවාර 30 බැගින්ද අවසන් පූර්ව තරග සහ අවසාන තරගය පන්දුවාර 45 බැගින්ද පැවැත්වෙන අතර සී.සී.සී. ක්‍රීඩාංගණය ඇතුළුව ක්‍රීඩාංගණ 10කදී තරග පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් විනිශ්චයකරුවන්ගේ සම්මේලනයේ සාමාජිකයන් තරගාවලියේ නිල විනිශ්චයකරුවන් ලෙසද ශ්‍රී ලංකා සටහන් තබන්නන්ගේ සංගමයේ සාමාජිකයන් තරගාවලියේ සියලුම සටහන් තබන්නන් ලෙසද කටයුතු කරන බව මෙයට අදාළව පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

සී.සී.සී. ක්‍රිකට් පුහුණු පාසලේ මැරූන්ස් කණ්ඩායම පසුගිය වසරේ ශූරතාව දිනාගත් අතර මෙවර තරගාවලිය සඳහා කොළඹින් පිට පළාත් කණ්ඩායම් රැසක් එක්ව සිටීමද විශේෂත්වයකි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon