එජාප ප්‍රතිසංවිධාන කටයුතු අද-හෙට-අනිද්දා

  👤  1634 readers have read this article !
Published by : MB WEB 2018-04-06 15:16:24

විශ්වාසභංගයට පෙර ප්‍රකාශ කළ ආකාරයටම එජා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අද (06දා), හෙට (07දා) සහ අනිද්දා (08දා) යන තෙදින තුළ සම්පූර්ණයෙන්ම අවසන් කෙරේ.

මෙම සියලු ප්‍රතිසංවිධාන කටයුතු දින තුන තුළ කඩිනම් කිරීම සඳහා පූර්ණ බලැති අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය අනුකමිටු වාර්තා පදනම් කරගෙන මෙම එජාප ප්‍රතිසංවිධාන කටයුතු සිදු කෙරේ.

මෙම අනුකමිටු වාර්තා තුන මඟින් පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා ඉදිරිපත් කළ සියලු වාර්තා සැලකිල්ලට ගෙන අවසන් ප්‍රතිසංවිධාන යෝජනාව ලබන ඉරිදා අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon