ඇමෙරිකාව සමඟ 'අපේක්ෂිත සාකච්ඡා' ගැන උතුරු කොරියානු නායකයා පළමුවරට සඳහන් කරයි

  👤  1176 readers have read this article !
Published by : MB WEB 2018-04-11 15:22:32

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡා පැවැත්වීමට යන බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සිය පක්ෂයේ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී පිළිගෙන ඇත.

උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර 'අපේක්ෂිත සාකච්ඡා' යන අදහස ඇතුළත් වුවත් යෝජිත හමුවේ දිනය ආදී විස්තර තවමත් අනාවරණය වී නැත.
කෙසේ වුවද නම හෙළි නොකළ ඇමෙරිකානු පරිපාලන නිලධාරීන් බී.බී.සී. පුවත් සේවය වෙත හෙළි කොට ඇත්තේ සාකච්ඡාවට සූදානම් වීම සඳහා ඇමෙරිකාව උතුරු කොරියාව සමඟ සම්බන්ධ වී ඇති බවයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා උතුරු කොරියානු නායකයාව මැයි මාසයේ හෝ ජුනි මාසයේදී හමුවන බව ඉකුත් සඳුදා සඳහන් කර තිබිණි.


ඇමෙරිකානු නායකයා සහ උතුරු කොරියානු නායකයා අතර යෝජිත ලෙසට හමුවක් සිදුවන්නේ නම් එය බලයේ සිටින ඇමෙරිකානු නායකයකු උතුරු කොරියානු නායකයකු හමු වූ පළමු අවස්ථාව බවට පත්වනු ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon