ගුවන් යානයක් කඩා වැටී "257ක් මිය යති"

  👤  1220 readers have read this article !
Published by : MB WEB 2018-04-12 14:31:14

උතුරු ඇල්ජීරියාවේ දී හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 257 දෙනෙකුවත් මියගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පවසන පරිදි මියගිය අය අතරින් බහුතරය හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ය. දස දෙනෙකුගෙන් සැදුම්ලත් යානයේ සමස්ත කාර්ය මණ්ඩලය ද මියගොස් තිබේ.

බටහිර සහරා ප්‍රදේශයට මොරෝක්කෝවෙන් නිදහස පතා සටන් වැදී සිටින පොලිසාරියෝ පෙරමුණේ (Polisario Front) සාමාජිකයන් 26 දෙනෙකුවත් මියගිය පිරිස අතර සිටින බව විශ්වාස කෙරේ.

අල්ජීරියාව, පොලිසාරියෝ පෙරමුණට සහාය දක්වයි.

හමුදා යානය ඇල්ජියර්ස් අගනුවර ආසන්නයේ පිහිටි බුෆාරික් (Boufarik) හමුදා ගුවන් තොටුපොලෙන් ගුවන් ගත වී මොහොතකට පසුව කඩා වැටී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි නැත.

අනතුරෙන් මියගිය පිරිස ගැන නිල වශයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත් වී නැත.

යානය කඩා වැටුන ස්ථානයෙන් කළු දුමාරයක් මතුවන අන්දම රූපවාහිනී දර්ශනවල දකින්නට ලැබේ.

අනතුර සිදු වූ ස්ථානය වෙත ගිලන් රථ 14ක් පිටත් කර, තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් කරා ගෙනයමින් තිබෙන බව රූපවාහිනී වාර්තාවල දැක්වේ.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන පරිදි අනතුර පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් නියෝග කළ හමුදාපතිවරයා එම ස්ථානය බලා පිටත්වීමට නියමිතය.

මීට සිව් වසරකට ඉහතදී හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් 77 දෙනෙක් මරුමුවට පත්විය.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon