අපි 16දෙනා මැයි 8දා විපක්ෂයේ වාඩි වෙනවා- ටී.බී. ඒකනායක

  👤  1523 readers have read this article !
Published by : MB WEB 2018-04-19 17:01:52

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනා මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ මැති සබයේ රතු පලස මතින් ආණ්ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට ගොස් විපක්‍ෂයේ අසුන් ගැනීමට ක්‍රියාකරන බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

විපක්‍ෂයේ තම කණ්ඩායමට අසුන් වෙන් කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දුන් බවත් ඊට අදාළ කටයුතු මේ වන විට දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදුකරගෙන යන බවත් ඒකනායක මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ මෙම 16 දෙනාගෙන් කිහිපදෙනකුම එදින පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බවද වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සඳහන් කෙළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon