සල්මන් වෙනුවෙන් පුංචි දැරියක් කට අරියි

  👤  1953 readers have read this article !
Published by : MB WEB 2018-04-19 17:16:51

'මුවන් දෙදෙනකු දඩයම් කිරීමේ චෝදනාවට පසුගියදා සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක් නියම වුණා. මේ අවාසනාවන්ත ආරංචිය දැන ගත්ත, සල්මන්ට ආදරය කරන බොලිවුඩ් තරු වගේම රසිකයන්ටත් ඇති වුණේ හිත් වේදනාවක්. අධිකරණ තීන්දුවක් නිසා මේ ගැන බොලිවුඩ් හිතවතුන් වුණත් ප්‍රසිද්ධියෙ තමන්ගේ අදහස් කියන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ වුණත් සල්මන්ට මුහුණ පාන්නට වූ මේ අවාසනාවන්ත සිදුවීම නිසා පුංචි රසිකාවියකගේ හිත නම් ගොඩක් රිදිලා.

සල්මන්ට ගොඩක් ආදරය කරන මේ පුංචි දියණිය කඳුළු සලමින් ඇගේ මවට කියා සිටියේ සල්මන්ව නිදහස් කරන තෙක් ඇය කෑම නොගෙන සිටින අතර පාසල්ද නොයන බවයි. සල්මන්ව ඉක්මනින්ම නිදහස් කරන බව පුංචි දියණියට ඇගේ මව පැවැසුවත් පුංචි දැරිය නම් ඒ දේවල් ගණන් ගත්තේ නැහැ.

"ගොඩක් අපරාධ වැරැදි කරපු අය ඉක්මනින්ම නිදහස් කරනවා. ඒත් සල්මන් මේ තරම් පොඩි වරදක් නිසා අවුරුදු පහකට හිරේට යැව්ව එක වැරැදියි' කියමින් ඉකි ගසා හඬා වැටෙන මේ පුංචි දියණියගේ වීඩියෝව ගැන දැන් හැමෝම කතා වෙනවා.

කොයි තරම් කලබලකාර මුරණ්ඩු චරිතයක් වුණත් සල්මන් ලොකු පොඩි හැමෝගෙම ආදරය දිනා ගත්ත සුපිරි තරුවක් කියන එක නම් දැන් හැමෝටම පිළිගන්න වෙනවා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon