ඇමෝනියා ටැංකියකට වැටී මියගිය සංඛ්‍යාව ඉහළට

  👤  2022 readers have read this article !
Published by : MB WEB 2018-04-19 18:21:03

 

හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

අද(19) දහවල් 1.20ට පමණ මෙය සිදුවු අතර එහිදී අදාළ රබර් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඇමෝනියා සහිත ටැංකිය පිරිසිදු කිරීමට යෑමේ දී ඒ තුළට වැටී ඇත.

එම පුද්ගලයා බේරා ගැනීම සඳහා ගම්වාසීන් පිරිසක් පැමිණ තිබේ.

එයින් පුද්ගලයින් 15 දෙනෙකු සිහිසුන් වීමෙන් හොරණ රෝහල වෙත ඇතුළත් කර බව ද පොලීසිය පවසයි.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම පිරිසෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර ඒ අනුව ටැංකියට වැටුණු පුද්ගලයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මෙම සිදුවීමෙන් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් හොරණ පොලීසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon