සංචාරක බසයක් සුරිච්හිදී අනතුරක: ශ්‍රී ලාංකිකයන් 12ක් ඇතුළු 15කට තුවාලයි

  👤  1346 readers have read this article !
Published by : MB WEB 2018-04-20 14:12:34

ශ්‍රී ලාංකික සංචාරකයන් පිරිසක් ගමන්ගත් බස් රථයක් ස්විට්සර්ලන්තයේ සුරිච්හි අධිවේගී මාර්ගයකදී අනතුරකට ලක්වීමෙන් ශ්‍රී ලාංකිකයන් ‍ෙදාළොස් දෙනකු ඇතුළු පහළොස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලාංකික සංචාරකයන් 40 දෙනකු රැගෙන ගමන්ගත් එම බස් රථය අධිවේගී මාර්ගයේ ගමන්ගත් ලොරි රථ දෙකක ගැටීමෙන් මේ අනතුර සිදු වී ඇතැයි ස්විට්සර්ලන්තයේ සුරිච් හි පොලිසිය ප්‍රකාශ කරයි.

කෙසේ වුවද අනතුර සිදු වූ ආකාරය පිළිබඳ පැහැදිලි විස්තරයක් නොමැති බව පොලිසිය පවසයි.

පොලිසිය ප්‍රකාශ කරනුයේ බස් රථය අනතුරට ලක්වීමෙන් පසු රථයේ රියැදුරු සහ සංචාරක මඟපෙන්වන්නා ලෙස සිටි කාන්තාව බස් රථයේ හිර වී සිට බේරාගත් බවයි. ඔවුන් බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර කාන්තාවගේ තත්ත්වය අසාධ්‍ය බවද පොලිසිය ප්‍රකාශ කරයි.

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් ‍ෙදාළොස් දෙනා සුළු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සුරිච් පොලිසිය ප්‍රකාශ කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon