වසර පනහක දිවි ගමනට නලින් රෝසාට දුන්න පුදුම හිතෙන තෑග්ග

  👤  3105 readers have read this article !
Published by : MB WEB 2018-04-27 10:21:31

මේරියන්ස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදක ප්‍රසන්න රෝසාගේ 50 වැනි උපන් දින සාදය පසුගිය දිනෙක පැවැත්වුණා.

මේ සාදයේදී රෝසාට ලැබුණු වටිනාම තෑග්ග ජ්ඥදඤඥප ඉබපචබධජචඵබඥප වර්ගයට අයත් ගිටාරයක්. ඒක දුන්නේ මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරා. ලක්ෂ 3කට වඩා වැඩි වටිනාකමකින් යුත් මේ ගිටාරය ලැබුණු සතුට වගේම උපන් දිනය දවසේ තමන්ගේ බිරිය මෙන්ම දරුවන්ගෙන් හිමිවුණ ආදරය ගැන රෝසා බොහොම සතුටු වුණා. ඒ සතුට අරගෙන රෝසා අපේ කතාබහට එක්කරගත්තා.

හීනයක් සැබෑ වුණා නේද?

ඇත්තටම ඔව්. ජ්ඥදඤඥප ඉබපචබධජචඵබඥප වර්ගයට අයත් ගිටාරයක් ගන්න කාලෙක ඉඳලම මගේ හිතේ තිබුණා හීනයක්. මේ වර්ගයේ ගිටාර්වල මිල අධිකයි. ඉතිං මගේ උපන් දිනය දවසේ මාව පුදුමයට පත් කරලා නලින් මේ තරම් වටින තෑග්ගක් මට දුන්නා. මට කියන්න තියෙන්නේ 'නලින් ඔබට හුඟාක් ස්තූතියි' කියලා තමයි.

සාදය දවසේ මේ තෑග්ග ලබාදෙන තුරු ඔබ හාංකාවිසියක් මේ පිළිබඳ දැන සිටියේ නැද්ද?

(සිනාසෙමින්) ඒකනේ පුදුමය කියන්නේ. දවසක් දෙකක් නලින් මං එක්ක මේ වගේ ගිටාර් ගැන කතා කළා. පුතාට ගිටාර් එකක් අරන් දෙන්න ඕන කියන කාරණය තමයි ඉස්මතු කළේ.

ඒ වගේම මේ ගිටාර් එක ගෙන්වන යමහා ආයතනයේ ෂේන්වත් මට හම්බවෙලා විස්තර කියන්න පුළුවන් විදියට පරිසරය හැදුවා. මගේ හිතේ තිබුණේ නලින්ගේ පුතාටනේ මේ අරන් දෙන්න යන්නෙ කියන දැනුවත් භාවය විතරයි. මම ගිටාර් ගැන දන්න නිසා මගෙන් විස්තර අහනවා කියලා මම හිතුවා. පිටරටවල සංචාරය කරද්දීත් මේ වගේ ගිටාර්වල පින්තූර පෙන්නලා මගෙන් විස්තර ඇහුවා. බලද්දි නලින් මේ සේරම කරලා තියෙන්නේ මං වෙනුවෙන්.

නලින් සහ ඔබ අතර ලොකු මිත්‍රත්වයක් තිබෙනවා නේද?

ඇත්තටම ඔව්. මම පුංචි පුංචි සංගීත කණ්ඩායම්වල ඉඳලා සියැක් සංගීත කණ්ඩායමේ ඉන්න කොට තමයි මේරියන්ස් පටන් ගන්න නලින් මට කතා කළේ. ඒ 1991 අවුරුද්දේ. ඒ වෙද්දි සියැක් කණ්ඩායම මෙහෙයවපු රාජු ජයකොඩිට කතා කරලා මම සුහදව ඔහුගෙන් සමුගත්තා.
එදා ඉඳලා මගේ විවාහ ජීවිතයටත් වඩා වැඩි කාලයක් පරණ ඇසුරක් නලින් සමඟ මට තිබුණා. අදටත් එහෙමයි.
අපි විවිධ අවස්ථාවල කණ්ඩායමට විතරක් නෙමෙයි පෞද්ගලික ජීවිතේටත් ආපු ප්‍රශ්නවලදී යම් අවබෝධයෙන් යුතුව කතා කළා. නලින්ගේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න මම උදවු වුණා. ළඟින් හිටියා. ඒක පුදුම යාළුකමක්.

ගෙදර අය ඔබට ලැබුණු මේ තෑග්ග ගැන මොනවද කිව්වේ?

මගේ බිරිය හා දරුවෝ දෙන්නටත් පුදුම විදියේ සතුටක් දැනුණා. මොකද ඒ අයත් දැන ගෙන හිටියා මම මේ වර්ගයේ ගිටාර් එකකට හුඟාක් කැමැතියි කියලා.
බොහොම කාලෙකට පෙර මා ළඟ මේ වර්ගයේ මිලෙන් අඩු ගිටාර් එකක් තිබුණා.

ඒ ගිටාරයෙන් රූකාන්තගේ 'රූ සඳ රෑ' ප්‍රසංගයේදී ගයන 'මේ දිගන්තයේ' ගීතයට සම්බන්ධ ගිටාර් වාදනය කරන්න බැහැ. ඒ ගිටාරයේ පහසුකම් අඩුයි. මේ නිසා ඒක මම වෙනත් ගිටාරයකට මාරු කර ගත්තා. නමුත් කල්ගත වෙද්දී මට තේරුණා මගේ පරණ ජ්ඥදඤඥප ගිටාර් එක තරම් මට ඒ මාරු කරගත් ගිටාර් එක වටින්නේ නැහැ කියලා. ඒ අනුව මම මගේ පරණ ගිටාර් එක සෙව්වා. කොහොම හරි අවුරුදු 20කට විතර පස්සේ ඒ ගිටාර් එක මට නැවත සොයා ගන්න පුළුවන් වුණා. එදා මම වින්ද සතුට නලින් දැක්කා. නලින්ට ඒ වර්ගයේම වටිනා හොඳ ගිටාර් එකක් අරන් දෙන්න හිතෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති.

එදා උපන්දින සාදයට බොහෝ පිරිසක් පැමිණ සිටියා?

ඔව්... මගේ අයියා දෝහා කටාර්වල ඉඳලම ඇවිත් හිටියා. එයාත් හුඟක් සතුටු වුණා මට ලැබුණු ගිටාර් එක දැකලා.
ඒ වගේම මම සාදයට ඇරයුම් කළේ අපේ පවුල් දෙකේ අයට වගේම මගේ සංගීත ජීවිතයට හුඟාක් සම්බන්ධ අයට වගේම හිතවත් මිතුරු මිතුරියන්ට... මට ඕන වුණා කාලෙකට පස්සෙ ඔවුන් එක්ක හෝරා කිහිපයක් ගත කරන්න.

අපි දැන් වයස ගැන කතා කරමු. දැන් අවුරුදු 50ක්... මොකද ජීවිතේ ගැන හිතෙන්නේ?

හරිම සතුටුයි. මට අවුරුදු 50යි. මගේ පවුල් ජීවිතයට අවුරුදු25යි. දියණියට අවුරුදු 25 සම්පූර්ණ වෙන්න ළඟයි. 1994 ජනවාරි විවාහ වුණා. නොවැම්බර් දුව ඉමායා අපිට ලැබුණා. ඊළඟට පුතා. එයාට දැන් අවුරුදු 17යි.

ඔබ ඉතා කාර්යබහුල චරිතයක්. මේරියන්ස්ලා සමඟ රට වටා යනවා. ගෙදර වැඩ කටයුතු හුඟාක් කරන්නේ බිරිය නේද? ඇය රෝසාට ලොකු සහායක් දෙනවා වගේ?
ඇත්තටම ඔව්. ඇය මහ පුදුම භාර්යාවක්. මගේ ඇඳුම් පැලඳුම් ටික. කෑම බීම ටික සූදානම් කරනවා විතරක් නෙවෙයි. දරුවන්ගේ වැඩකටයුතු ටික කරන්නෙත් ඇගේ අතින්. මම රට වටේ, ලෝකේ වටේ යනවා. රෑ එළිවෙනතුරු ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒත් මගේ හිත රිද්දවන කිසිම දෙයක් කරන්නේ නැහැ. කියන්නේ නැහැ. අපි අතර කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඇය ඉතා හොඳින් මගේ ජීවිතේ තේරුම් අරන් ඉන්නවා.

දරුවොත් එහෙමද?

දරුවෝ දෙන්නම මාව ඉතා හොඳින් තේරුම් අරන් ඉන්නවා. ඔවුන්ට ඒ දැනුම ලබා දෙන්න ඇත්තේ මගේ බිරිය තුෂාරි.

දරුවෝ දෙන්න කවදාවත් තාත්තේ ඔය යන ටුවර් එකකට අපිව එක්කරගෙන යන්න කියලවත් කියලා නැහැ. හැබැයි ඒ අයව පෞද්ගලිකව හරි රටකට අරන් යන්න ඕන. ඒ බලාපොරොත්තුව මට තියෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon