2018 දකුණු ආසියානු ජූඩෝ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහණ දෙකක්

  👤  1723 readers have read this article !
Published by : MB WEB 2018-04-27 11:15:30

දකුණු ආසියානු ජූඩෝ සංගමය විසින් 08 වැනි වරට සංවිධානය කරන ලද 2018 දකුණු ආසියානු ජූඩෝ තරඟාවලිය 2018.04.19 වන දින සිට 2018.04.24 වන දින දක්වා නේපාලයේ ලලිත්පුර් නුවරදී පැවත්වු අතර රටවල් 05ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් 155ක් මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.

මෙහිදි ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සහභාගි වු කාන්තා පොලිස් කොස්තාපල් 4995 කරුණාරත්න සහ කාන්තා පොලිස් කොස්තාපල් 9014 ජයරත්න යන ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා පොලීසියට ඉමහත් කීර්තියක් අත්කර දීමට සමත් විය.

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon