වෙසක් සමරු මුද්දරයක් එළිදැක්වෙයි

  👤  1580 readers have read this article !
Published by : MB WEB 2018-04-28 10:55:46

2562වන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල් 12.00ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

නව සමරු මුද්දරය තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

මුද්දර සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ මහතා විසින් මෙම මුද්දර නිර්මාණය කර තිබේ.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බිංගිරිය දේවගිරි රාජමහා විහාරය මෙම මුද්දරයෙන් නිරූපණය කෙරෙන අතර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බිංගිරිය දේවගිරි රාජමහ විහාරස්ථානයේ දී මුද්දරය එළිදැක්වීම සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon