මාලිංගට යළිත් අත වනයි

  👤  1483 readers have read this article !
Published by : MB WEB 2018-05-01 17:12:35

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් මෙහෙයවනු ලබන අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා මින් පෙර ඇතුළත් නොකළ රොෂේන් සිල්වා සහ දිල්රුවන් පෙරේරා කණ්ඩායම් 2කට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

ඒ අනුව රොෂේන් සිල්වා, උපුල් තරංග නායකත්වය දරන ගාල්ල කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත අතර දිල්රුවන් පෙරේරා, දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන කොළඹ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. තවද ඇන්ජිලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා පිළිවෙළින් මහනුවර සහ දඹුල්ල කණ්ඩායම්වල නායකයන් ලෙස නම් කර ඇත.

මේ අතර 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද මෙම තරගාවලියේදී දඹුල්ල එක්දින සංචිතයට නම් කර තිබීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම මස 27 වැනිදා දක්වා පැවැත්වෙන 2018 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු ලෙස කටයුතු කරන ලසිත් මාලිංග, හෙට (2දා) ආරම්භ වන අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලියේ මුල් අදියරේ තරග සදහා සහභාගි වීම අවිනිශ්චිත බවද වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon