2018 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් පළමු සමරු කොඩිය ජනපතිට පළදවයි
2018 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැප කළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජය විසින් ප්‍රකාශයට පත්කරන අතර, එයට සමගාමීව රණවිරු කොඩි අලෙවිය ද සිදු කෙරේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහි පළමු සමරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළදවනු ලැබුවාය.
පසුගිය වසරේ කොඩි අලෙවියෙන් ලද ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිරිනමන ලදී.
මෙම වසරේ රණවිරු කොඩි පළාත් ආණ්ඩුකාරවරුන් වෙත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අද සිට ජූනි 02 වනදා දක්වා ක්රීයාත්මක වන පරිදි රණවිරු මාසය ප්‍රකාශයට පත් කිරීම ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදුවිය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ වසර 03 ක ප්‍රගතිය පිළිබද භාෂා 03කින් සැකසූ ග්‍රන්ථය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති 🕔2019-02-18
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-18
- ලෝක බැංකු උප සභාපති ශ්‍රී ලංකාවේ දිළිඳු බව දිළිඳු වී ඇතැයි කියයි 🕔2019-02-18
- ජාතික ආණ්ඩු උත්සාහය ගෝලබාලයන්ට ඇමැතිකම් දෙන්න කරන උප්පරවැට්ටියක් 🕔2019-02-18
- පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ 🕔2019-02-18
- හතළිස් හත්වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද සිට මරදාන එල්ෆින්ස්ටන් හිදී 🕔2019-02-18
- 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විපක්ෂ නායකට සංදේශයක් භාර දෙයි 🕔2019-02-18
- අනවසර හෝටලයක සාදයක් වටලා පොලිසිය තාක්ෂණ පරීක්ෂණයක 🕔2019-02-18
- බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල උත්සවයට මාධ්‍යවේදීහූ දෙදෙනෙක් සහ සභාපතිවරයා සහභාගි වෙති 🕔2019-02-18