ඉන්දියාව වායු දූෂණය අතින් ලොව පළමු තැනට

  👤  1333 readers have read this article !
Published by : MB WEB 2018-05-03 13:55:28

ලෝකයේ වායු දූෂණය ඉහළින්ම පවතින රට ඉන්දියාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඟින් ජිනීවාහිදී නිකුත් කරන ලද ගෝලීය වායු දූෂණය පිළිබඳ තොරතුරු වාර්තාවේ සඳහන් වෙයි.

ලෝකයේ වායු දූෂණය වැඩිම නගර 15න් 14ක්ම ඉන්දියාවට අයත් නගර බව එම වාර්තාව මඟින් පෙන්වා දෙයි.

WHO වාර්තාව අනුව වායු දූෂණය වැඩිම නගරය වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටි කන්පූර් (Kanpur) නගරයයි.

වායුවේ පවතින අංශු ඝනත්වය PM 2.5 අනුව එහි වායු දූෂණය කියුබික් මීටරයකට අංශු මයිකේ‍රාග්‍රෑම් 173ක ප්‍රමාණයකි. කන්පූර් නගරයට පසු වායු දූෂණයෙන් වැඩිම නගර ලෙස ෆරිදාබාද් (Faridabad), වරානාසි (Varaanasi) සහ ගයා (Gaya) සඳහන් වේ.

PM 2.5 ඒකකය අනුව ඉහළ වායු දූෂණයන් පෙන්වන අනෙකුත් ඉන්දියානු නගර ලෙස දිල්ලි අගනුවර, පට්නා, මුසාෆ්ෆාර්පූර්, ශ්‍රී නගර්, ගුර්ගාඔන්, ජායිපූර්, පාටියාලා සහ ජෝද්පූර් සඳහන් වේ.

ඉන්දියාවේ මූල්‍ය අගනුවර ලෙස සැලකෙන මුම්බායි නගරය ලෝකයේ වායු දූෂණය අතින් හතරවැනි තැනට වැටෙන විශාල නගරයයි.

මෙම වාර්තාවට 2010-2016 අතර කාලයේ අධ්‍යයනයන් පාදක වී ඇති බව සඳහන් වේ.

වායු දූෂණය පිළිබඳ මෙකී WHO වාර්තාව අනුව ලෝකයේ සෑම 10 දෙනකුටම 9 දෙනකු දූෂිත වායුව අශ්වාස කරයි.

සෑම වසරකම පිටත සහ නිවෙසේ දූෂිත වායු ආඝ්‍රාණය හේතුකොට ගෙන ලොව පුරා මිලියන 7ක් මියයති.

එසේම දූෂිත වායු ආඝ්‍රාණය හේතුවෙන් ඇතිවන මරණවලින් 90%ක් සිදුවන්නේ පහළ සහ මධ්‍යම ආදායම් ලබන ආසියානු සහ අප්‍රිකානු රටවලයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon