දූවිලි කුණාටුවකින් රාජස්ථානයේ මහා විනාශයක්

  👤  1459 readers have read this article !
Published by : MB WEB 2018-05-04 16:00:54

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ඇති වූ දරුණු දූවිලි කුණාටුවකින් සියයකට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊයේ  සිදු වූ මෙම ව්‍යවසනයෙන් ගස් කඩා වැටී, විදුලි බලය ඇනහිට, නිවාස විනාශ වී ඇති අතර, ගොවිපළ සහ නිවාසවල ඇති කළ සතුන් ද විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇත.

බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ නිදා සිටියදී අකුණු සැර වැදී නිවාස කඩා වැටීමෙන්ය.

ග්‍රීෂ්ම ඍතුවේදී මෙම ප්‍රදේශය තුළ දූවිලි කුණාටු ඇති වීම සාමාන්‍ය දෙයක් වුවත් මෙවැනි විශාල ජීවිත විනාශයක් මින් පෙර වාර්තා වී නොමැත.

මේ වන විට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමනු ලැබ ඇත.

දූවිලි කුණාටුවෙන් මියගිය පුද්ගලයන්ගේ පවුලේ ඥාතීන්ට ඉන්දියානු රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබා දෙන බවට ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කරයි.

උත්තර් ප්‍රදේශ්හි පුද්ගලයන් හතළිස් පස් දෙනෙකු මියගොස් ඇති අතර එයින් තිස්හය දෙනෙකු 'තජ්මහල්' මන්දිරය පිහිටා ඇති අග්‍රා දිස්ත්‍රික්කයේ ජීවත් වූවෝ වෙති. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දියානු බලධාරීහු පවසති..

බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ කඩා වැටුණු ගස් සහ නිවාසවලට යට වීමෙනි.

දිල්ලි නගරයට කිලෝමීටර් සියයක් පමණ ඈතින් පිහිටි ප්‍රදේශවලට කුණාටුවේ බලපෑමත් සමග ධාරානිපාත වර්ෂාවක් ඇද වැටුණි.

විපතට පත් ප්‍රදේශවලට නිලධාරීන් පිටත් කර ඇති බව රාජස්ථාන් ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon