ජවිපෙ හෙට කොළඹදී

  👤  1201 readers have read this article !
Published by : MB WEB 2018-05-06 12:43:21

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන රතු මැයි රැලිය හෙට (07දා) ප.ව. 3.30ට කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වේ.

'සමාජ සාධාරණත්වය _ ජාතික සමඟිය ගොඩනඟන ජනතාවාදී පාලනයක්' මැයෙන් පවත්වනු ලබන මැයි රැලියේ පෙළපාළිය එදින පස්වරු 1ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ කරන අතර පස්වරු 3 වනවිට බී.ආර්.සී. පිටියට ළඟාවීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඇතුළු පක්‍ෂ නායකයන්ගේ කතා ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතය.

මෙවර රතු මැයි රැලියට ඉතා විශාල පිරිසක් සහභාගි වනු ඇති බව ජවිපෙ 'ඉරිදා මව්බිම'ට සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon