පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ඇරඹේ

  👤  1210 readers have read this article !
Published by : MB WEB 2018-05-07 16:42:39

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවශ්‍රීයෙන් හෙට (8දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විවෘත කිරීම සඳහා සියලු කටයුතු යොදා අවසන් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, නීල් ඉද්දවෙල 'මව්බිම'ට පැවැසීය.

හෙට පස්වරු 2.15ට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කෙරෙනු ඇත.

සැසිවාරය විවෘත කිරීමට ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියකින් සහ පොලිස් යතුරුපැදි කණ්ඩායමක් හා අශ්වාරෝහක කණ්ඩායමක් පෙරටුකරගෙන පාර්ලිමේන්තුව අබියසට පැමිණෙන ජනාධිපතිවරයා, කතානායක කරු ජයසූරිය සහ අගමැති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය විසින් පිළිගෙන රතු පලස මතින් පාර්ලිමේන්තුවේ සභාගාරය වෙත කැඳවාගෙන යනු ලබයි.

එතැන් සිට කතානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන ‍ෙදාරටුවෙන් සභාගර්භය වෙත ජනාධිපතිවරයා කැඳවාගෙන යනු ලබන්නේ සෙංකෝලය රැගත් වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර ඇතුළු නියෝජ්‍ය සහ සහකාර වේත්‍රධාරිවරු සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඇතුළු ලේකම් මණ්ඩලය කැටුවය.

කතානායකවරයා සිය අසුනට පහළින් ඇති ලේකම් මණ්ඩලයේ අසුනක අසුන් ගන්නා අතර ජනාධිපතිවරයා කතානායක අසුනේ අසුන්ගනු ලබයි.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමේ සහ කැඳවීමේ ප්‍රකාශන, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක විසින් සභාවට කියැවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබයි.

එම ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තුව අනිද්දා (9දා) පස්වරු 1.00 වනතෙක් කල්තැබීමෙන් පසු මැති ඇමැතිවරු සහ ආරාධිතයන් සඳහා වන තේ පැන් සංග්‍රහයක් පැවැත්වේ.
නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් පාර්ලිමේන්තුව අවට ජාතික කොඩි ඔසවා අලංකාර කර තිබේ.

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර, පොලිස් ජංගම සේවාවක්ද පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරි, එදිනට විශේෂ ආරාධිත අමුත්තන් සඳහා පමණක් විවෘතව පවතින බව, නියෝජ්‍ය මහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon