ඇන්ටාක්ටික් පෙන්ගුයින්ලාට කෑම හිඟයක්

  👤  1625 readers have read this article !
Published by : MB WEB 2018-05-08 18:09:22

සීතල ඇන්ටාක්ටිකාව කෙමෙන් කෙමෙන් උණුසුම් වෙනවා. මේ නිසාම Emperor penguin සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණපාලා. එක් ආහාර වේලකට ඔවුන් විශාල සටනක් කරන බව තමයි විද්‍යාඥයෝ කියන්නේ. අයිස් තට්ටු දියවීමත් එක්ක ආහාරයට ගන්න තියෙන මුහුදු මාළු ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතා විශාල වශයෙන් ආහාරවලින් කුස පුරව ගන්න Emperor penguin සතුන්ට මේ විදියට දිගින් දිගටම ආහාර සම්බන්ධයෙන් ගැටලු ඇති වුණොත් එය ඔවුන්ගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් ඇති කරන්න වුණත් පුළුවන් කියලයි විද්‍යාඥයෝ පවසන්නේ.

මේ ශතවර්ෂය අවසන් වෙන්නත් කලින් මේ සතුන් වඳ වෙලා වුණත් යන්න පුළුවන්. මොකද ඔවුන් දැනටමත් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පාලා ඉන්න සත්ත්ව කොට්ඨාසයක්. ආහාර සොයා ගෙන සීත සෘතුවේදී සැතපුම් 75ක් පමණ දුරක් ගමන් කරන මේ පෙන්ගුයින් සතුන්ගේ ගහනයට පාරිසරික වෙනස් වීම් දැඩි බලපෑමක් ඇති කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon