සංශෝධිත අධිකරණ පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

  👤  1538 readers have read this article !
Published by : MB WEB 2018-05-08 15:35:58

සංශෝධිත අධිකරණ පනත් කෙටුම්පත් හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පැවසුවාය.

එම සංශෝධිත පනත අනුව විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවීමට යෝජනා කර තිබෙන අතර එහිදී පළමු පියවර ලෙස එක් විශේෂ අධිකරණයක් පිහිටු වන බව ද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඇය සඳහන් කළේ මෙම විශේෂ අධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කිරීම අග්‍රවිනිශ්චයකාරවරයා විසින් සිදු කරන බවයි.

මෙම විශේෂ අධිකරණය හරහා නඩුවක් දිනපතා ඇසීමේ ක්‍රමයක් නිර්මාණය වන බවත් ඒ අනුව නඩුවලට කාලයක් ගත නොවී තීරණ ලබාදීමේ අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon