වීරකුමාර දිසානායක මහතා මහවැලි සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමේ අවස්ථාවට ජනපති එක්වෙයි

  👤  1557 readers have read this article !
Published by : MB WEB 2018-05-10 14:26:59

මහවැලි සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු වීරකුමාර දිසානායක මහතා අද (10) පෙරවරුවේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළ අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී වෙනුවෙන් මෙහිදී ජනාධිපතිතුමා වීරකුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමීය.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ මීට පෙර කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon