බි්‍රතාන්‍ය රජ පවුලේ මංගල්‍යයට ප්‍රියංකා එන්නේ ඇයි?

  👤  2288 readers have read this article !
Published by : MB WEB 2018-05-13 16:34:46

රංගනයෙන් හා ගායනයෙන් රසික සිත් වසඟයට ගත් ප්‍රියංකා චොප්රා, බොලිවුඩයත් හොලිවුඩයත් එක ලෙස ජයගත් සුරූපිනියක්. Quantico ඇමෙරිකානු ටෙලි කතා මාලාව හරහා හොලිවුඩයේ ජනප්‍රිය වන ඇය ඇමෙරිකානු නිළි Meghan Markle ගේද සමීප හිතවතියක්.

මේ දෙදෙනා මුලින්ම මුණගැහෙන්නේ 2016 වසරේදී ELLE රූපවාහිනි වැඩසටහනකින්. ඒ වන විටත් මේගන්, බි්‍රතාන්‍ය හැරී කුමරුගේ පෙම්වතිය බවට කටකතා පැතිරුණා.
කොහොම වුණත් මැයි මාසේ 16දා ලොවක් මවිත කරමින් සමරන්නට සූදානම් වෙන බි්‍රතාන්‍යයේ හැරී - මේගන්ගේ මංගල උත්සවයට ප්‍රියංකාටත් ආරාධනා ලැබුණු බව තමයි අපට ආරංචි වෙන්නේ. රාජකීය මංගල්‍යයේ සුවිශේෂ අමුත්තන් අතරට සුරූපී නිළි ප්‍රියංකා චොප්රා එක්වීම ඇයටත් සුවිශේෂී වන්නක්. අපිට කලින් නම් දැනගන්නට ලැබුණේ රාජකීය මංගල්‍යයේ දෙවැනි මනාලියන් අතරට එක්වන්නට ඇයට අවස්ථාව ලැබෙන බවයි.

මේ කතාව ඇත්ත නැත්ත කොහොම වුණත් රාජකීය මංගල උත්සවයට ප්‍රියංකා සහභාගි වෙන බව නම් සහතිකයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon