අධිරජ ධර්මාශෝක ටෙලියෙන් හමුවන ධර්මාශෝක සහ දේවි කවුද?

  👤  3024 readers have read this article !
Published by : MB WEB 2018-05-14 18:40:15

ඉතිහාස කතාවට අනුව නම් ධර්මාශෝක රජුට බිසෝවරු පස් දෙනකු විය. ඔහුගේ පළමු බිසව වේදිසා මහාදේවි ශාඛ්‍යකුමාරි නොහොත් දේවි බිසවය. කෞර්වකී, අසන්ධිමිත්‍රා, පද්මාවතී සහ තිස්යාරක්‍ෂිතා අනෙකුත් බිසෝවරුන්ය. අශෝක කුමරු බින්දුසාර රජුගේ යුවරාජයාව සිටි කාලයේ උජ්ජයින් ප්‍රාන්තයේ අවන්තිහි වාසය කළ බව වගේම, එහිදී දේවි හමුවුණු බවත් අශෝකාවදානය නම් ග්‍රන්ථයේ සඳහන් වේ. ඇය විදිශා නගරයෙහි සිටුවරයකුගේ දියණියක වූ අතර අශෝකට 18 වැනි විය එළැඹෙත්ම පළමු විවාහය සිදු වූ බව සඳහන්ය. නමුත් අධිරජ ධර්මාශෝක ටෙලි කතා මාලාවට අනුව දේවි, අශෝකගේ හා කෞරවකීගේ පෙම් සටන ජය ගැනීමට අවංක සිතින් උදවු කළ තැනැත්තියයි. ඇයට කෞර්වකී තම සොහොයුරියක්, මිතුරියක් සේ තම දිවියේ සියල්ල නොසඟවා පැවැසූ අයුරුත් අවසන් නිමේෂය දක්වාම ඇය පිළිබඳව විශ්වාස කළ අයුරුත් මනාව ප්‍රකට කරයි.


අශෝක් සිනමා නිර්මාණයෙන් අශෝකගේ චරිතය හැඳිනගෙන සිටි ලාංකික ප්‍රේක්‍ෂකයාට අධිරජ ධර්මාශෝක ටෙලි කතාවේ සිද්ධාර්ත් නිගම් නිරූපණය කළ අශෝකගේ ළමා කාලය වඩා ආකර්ෂණීය වූයේ ෂාරුක් ඛාන්ගේ රුවට සමාන රුවක් මෙන්ම සිත්ඇඳගන්නාසුලු රංගනයත්, සිද්ධාර්ත් නිගම් තුළින්ද නිරූපණය වීම නිසාය. අධිරජ ධර්මාශෝක ටෙලිකතා මාලාව අශෝකගේ තරුණ විය දක්වා විකාශනය වූයේ අපි නොසිතූ අවස්ථාවකය. ඒ අවස්ථාවේ ප්‍රේක්‍ෂක ආදරය දිනා සිටි සිද්ධාර්ත් නිගම් වෙනුවට මෝහිත් රයිනා අශෝකගේ තරුණ විය නිරූපණය කරමින් අපි අතරට පැමිණෙයි. කතාවට ඔහු හඳුන්වා දෙන්නේම චණ්ඩ ස්වරූපයෙනි. අධිරජ ධර්මාශෝක ටෙලි කතා මාලාවේ බොහෝ චරිත අපට අශෝක කුඩා අවධියේත් හමු වුවද දේවි චරිතය හමුවන්නේ අශෝක චණ්ඩව සිටි කාලයේය.


රජ මැඳුරේ හෙට දවස පිළිබඳ ඇත්තේ අවිනිශ්චිත හැඟීමකි. ඉන්දියාවේ Chakaravarthin Ashoka Samrat නමින් විකාශය වන ටෙලි කතා මාලාවේ අශෝකගේ චරිතය නිරූපණය කරන මෝහිත් රයිනා යෞවන වයසේදීම ශරීර බර කිලෝග්‍රෑම් 107ක් පමණ වූ කඩවසම් සිරුරක හිමිකරුවෙක් විය. ඒ නිසාම නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසි මෝහිත් රයිනා 2006දී පළමු වරට රංගනයෙන් දායක වන්නේ 'අන්ටාරිශ්ක්' නම් විද්‍යා ප්‍රබන්ධ කතාවටයි. ඉන්පසු 'දෙවෝන් කේ දේව් මහා දෙව්' ටෙලි කතා මාලාවෙත්, 'මහා භාරත්' ටෙලි කතා මාලාවෙත් ශිව දෙවියන්ගේ චරිතය නිරූපණය කර ඇත. ඉන්දීය ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වන මෝහිත් රයිනා 2008 වසරේදී මිතුන් චක්‍රබෝර්තිත් සමඟ 'දාන් මුත්තු සාමි' නම් සිනමා නිර්මාණයට එක් විය. ප්‍රහසන සිනමා නිර්මාණයක් වූ එය ප්‍රේක්‍ෂක ආකර්ෂණයට ලක් නොවිණි. ඒ අනුව යළිත් ටෙලි නිර්මාණවලට යොමු වන මෝහිත් රයිනා දැඩි කැපවීමකින් යුතුව මනා අධ්‍යයනයකින් පසුව අධිරජ ධර්මාශෝක ටෙලි කතා මාලාව (chakravartin ashoka samrat) හා එක්වූ බව පැවැසේ.

2001 වසරේ තිරගත වූ අශෝක් චිත්‍රපටයේ දේවි කුමරියගේ චරිතයට පණ පෙව්වේ රිෂිතා බාත් වූ අතර අධිරජ ධර්මාශෝක ටෙලි කතා මාලාවේ (chakravartin ashoka samrat) දේවිගේ චරිතය නිරූපණය කරන්නේ කාජල් ශ්‍රී වාස්තාව් (Kajol Shrivastav). ඇය ටෙලි නාට්‍ය නිළියක් වූ අතර අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යයට සම්බන්ධ වන්නේ අහම්බෙනි. කාජල් ශ්‍රී වාස්තාව් 'කුම් කුම් භාග්‍යා' නාට්‍ය සඳහා ගිවිසුම් අස්සන් කර බොහෝ කාලයක් ඒ වෙනුවෙන් බලා සිටියද 'කුම් කුම් භාග්‍යා' නාට්‍යයේ බිල් බුල්ගේ චරිතය ඇයට හිමි නොවිණි. ඒ සිදුවීමත් සමඟම ඇයට අධිරජ ධර්මාශෝක ටෙලිකතා මාලාවේ දෙවැනි භාගයේ දේවිගේ චරිතය නිරූපණයට අවස්ථාව උදාවෙන අතර ඇය ඒ යෝජනාව සතුටින් භාරගෙන ඇත.


ඉදිරියේදී අධිරජ ධර්මාශෝක ටෙලි කතා මාලාව වඩා තීරණාත්මක වනු ඇත. දුක, සතුට, ත්‍රාසය, භීතිය අතරේ අඛණ්ඩ භාරතය නිර්මාණයේ අශෝකගේ ස්වප්නයද සැබෑ වනු දැකීමේ ආශාවෙන් සැම බලා හිඳිනු ඇත.

අනූෂා රාජපක්‍ෂ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon