මහතීර් ගේ ජයග්රහණයෙන් අනතුරුව අන්වර් ඊබ්‍රහිම් සිරගෙයින් නිදහස්
බන්ධනාගාරගත කරනු ලැබ සිටි මැලේසියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන අන්වර් ඊබ්‍රහිම් නිදහස් කර තිබේ.
ඔහු නිදහස් වී පිටව ගියේ විරුද්ධ පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණය "නව උදාවක්" බව ප්‍රකාශ කරමිනි.
වරක් මැලේසියාවේ අනාගත නායකයා ලෙස සැලකුණ ඔහු පුරුෂයන් සමග මෛථුන සේවනයේ යෙදීමේ සහ දූෂණ චෝදනා මත සිරගත කරනු ලැබුවේ එවකට පැවති රජයට එරෙහි වීමත් සමගය.
මැලේසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් බදාදා(16) අන්වර් ඊබ්‍රහිම්ට සමාව ප්රදානය කළේය.
අන්වර් ඊබ්‍රහිම් අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීම සඳහා දෙවසරක් තුළ පදවියෙන් ඉවත්වන බවට මහතීර් මොහමඩ් පොරොන්දු විය.
තමන් දෙවන වරට සිරගත කරනු ලැබුවේ පුරුෂයන් සමග මෛථුනයේ යෙදුන බවට ව්‍යාජ චෝදනා එල්ලකරමින් බව අන්වර් ප්‍රකාශ කර තිබිණි.
උරහිස් ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු ක්වාලාලම්පූර් නගරයේ පිහිටි ආරෝග්‍ය ශාලාවකින් නිදහස්වී පිටව ගියේය.
නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් "ප්රජාතන්ත්රවාදයේ සහ නිදහසේ මූලධර්මයන් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව" තමන් මහජනයාට ස්තුතිවන්ත වන බව ඔහු ප්‍රකාශ කළේය.
වසර ගණනාවක් පුරා අන්වර් ඊබ්‍රහීම් එරට විරුද්ධ පක්ෂ ව්‍යාපාරය මෙහෙයවීය. ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවති රජය පරාජය කිරීමට එම ව්‍යාපාරය පසුගියදා සමත් විය. පසුගිය සතියේ මැතිවරණ ජයග්‍රහණය සිදුවූයේ අන්වර් සහ 92 හැවිරිදි මහතීර්ගේ එකඟත්වය මතය.
මීට වසර 20 කට ප්‍රථම සිය පළමු නිල කාලයේදී අන්වර් ඊබ්‍රහීම් ඉවත් කර සිරගත කිරීමට මහතීර් මොහමඩ් ද කටයුතු කළේය. තමන් මහතීර්ට සමාව ලබාදුන් බව පැවසූ අන්වර්, නව රජයට මහතීර් මොහොමඩ් උපරිම සහාය ලබාදෙනු ඇතැයි අවධාරණය කළේය.
රෝහලෙන් පිටත කඳවුරු බැඳ සිටි ඔහුගේ ආධාරකරුවෝ, අගමැති මහතීර් වෙසෙන ඉස්ටාන නෙගේරා (Istana Negara) රාජකීය මන්දිරය දක්වා ඔහු සමග ගමන් කළහ.
සිය නව නිදහස් නායකයාට සහාය පළ කිරීමට රාජකීය අංගනයට ඇතුළුවීමත් සමග "අන්වර්ට දීර්ඝායුෂ වේවා" කියමින් යතුරු පැදිවල නැගි පිරිස් කෑ ගැසූහ.
අද මව්බිමෙන්
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20
- එජාපය ප්රමුඛ කණ්ඩායම පරාජය කිරීමට නම් එජාප විරෝධී බලවේග එකම පෙරමුණකින් තරග කළ යුතුයි 🕔2019-02-20
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සමඟ උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන්ම 🕔2019-02-20
- අතීතය නමැති තුවාලය පාරමින් වෛර කර පලක් නෑ 🕔2019-02-20
- අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම මධුෂ්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැළිකමක් දක්වනවා 🕔2019-02-20
- දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ 🕔2019-02-20
- පසුගිය වසර තුළ පොල් රට පැටවීමෙන් බිලියන 95ක ආදායමක් 🕔2019-02-20
- යක්කුරේ කනිටු විදුහලේ ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි 🕔2019-02-20
- දරුවෝ සුරකිමු 🕔2019-02-20
- උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයන් තවදුරටත් මෙරට අත්අඩංගුවේ 🕔2019-02-20
- 2018 වසරේ අලි මරණ 311ක් 🕔2019-02-20
- පලාලි සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාව හා පලාලි අතර වූ ගිවිසුම වෙනස් කිරීමට තීරණ 🕔2019-02-20
- රජයේ විධායක නිලධාරීන් 27දා සංකේත වර්ජනයක 🕔2019-02-20
- සිමෙන්ති කොට්ටය රු. 100කින් ඉහළට 🕔2019-02-20
- උ.පෙළ - 2019 අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කෙරේ 🕔2019-02-20
- ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා සතොස නිලධාරියකු පැහැර ගත් හය දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග 🕔2019-02-20
- මවට පිහියෙන් ඇන ඇතැයි සිතූ තරුණ බිරිය සැමියාට පොරොවෙන් කොටලා 🕔2019-02-20
- අවිවාහක තරුණියකට උපන් දරුවා හදාවඩා ගන්නට වෙනත් මවකට දීලා 🕔2019-02-20