ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා රාජකාරි අරඹයි

  👤  1529 readers have read this article !
Published by : MB WEB 2018-05-17 14:35:26

ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ ආරිය බී.රැකව මහතා අද(17) උදෑසන ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිය රාජකාරි ආරම්භ කළේ ය.

ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්ද වන ආරිය බී. රැකව මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙක්, හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙක්, කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙක් සහ පිලිපීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් මෙන්ම ජනාධිපති නීතීඥවරයෙක්ද වේ.

මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු.රත්නායක, ඌව පළාත්සභා අමාත්‍ය උපාලි සමරවීර යන මහත්වරුන් සහ පළාත් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගී විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon