බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ලක්මාල් හා මැතිව්ස්ගේ ගමන ස්ථිර වෙයි

  👤  1561 readers have read this article !
Published by : MB WEB 2018-05-18 13:40:17

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ජුනි මසදී කොදෙව්හිදී ආරම්භවීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට යටත්ව

ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබූ සුරංග ලක්මාල් හා ඇන්ජිලෝ මැතිව්ස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයන් සමත් වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ එම සංචිතයට ආබාධයන්ට ලක්ව සිටි මෙම ක්‍රීඩකයන් දෙදෙනාව ඇතුළත් කර තිබූ අවස්ථාවේ ක්‍රිකට් ආයතනය පවසා සිටියේ යෝග්‍යතා පරීක්ෂණයන්ගෙන් අනතුරුව මොවුන් දෙදෙනාගේ සහභාගීත්වය තීරණය කරනු ඇති බවයි. ඒ අනුව පසුගියදා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට මුහුණ දුන් ඇන්ජිලෝ මැතිව්ස් හා සුරංග ලක්මාල් එයින් සමත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය..

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 25 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව යෑමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක් සඳහා කොදෙව් දේශය බලා යන්නේ වසර 10කට පමණ පසුව වීමද විශේෂත්වයකි.
දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජුනි මස 6 වැනිදා ආරම්භවීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon