‘හරිත-සුලෝහිත’ සුහද ක්‍රිකට් තරගය හෙට බිංගිරියේදී

  👤  1000 readers have read this article !
Published by : MB WEB 2018-05-18 17:20:57

බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසල සහ පඬුවස්නුවර එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල අතර පළමුවරට පවත්වනු ලබන 'හරිත-සුලෝහිත' සුහද ක්‍රිකට් තරගය හෙට (19දා) බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ 85 වැනි සංවත්සරය සහ පඬුවස්නුවර බණ්ඩාරනායක ජාතික පාසලේ 33 වැනි සංවත්සරය සැමරීම උදෙසා පවත්වනු ලබන මෙම සුහද ක්‍රිකට් තරගයේ බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දිල්ශාන් ප්‍රදීප් කුමාර හට පැවරී ඇති අතර උපනායකත්වය දිනාජ් ගයාංජන හට හිමි වී ඇත. තවද පඬුවස්නුවර බණ්ඩාරනායක ජාතික පාසලේ නායකයා ලෙස ඉෂාර හේෂාන් ජයතිලක කටයුතු කරද්දී උපනායකයා ලෙස සචින් චමෝද් කටයුතු කිරීමට නියමිතය.

මේ අතර ආර්.කේ.සී. රන්දෙණිය මහතා බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ පුහුණුකරුවා ලෙස කටයුතු කරන අතර එම්.ඒ.කේ.එස්. චතුරංග පඬුවස්නුවර බණ්ඩාරනායක ජාතික පාසලේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon