රන්බීර්ට අමිතාබ්ගෙන් ලකුණු

  👤  1478 readers have read this article !
Published by : MB WEB 2018-05-18 16:56:09

නව පරපුරේ බොලිවුඩ් තරු අතරට එක් වෙන රන්බීර් කපූර් රංගන හැකියාවන්ගෙන් පිරිපුන් දක්ෂ රංගන තරුවක්. ඔහුගේ රංගනය ගැන ප්‍රවීණ නළු අමිතාබ් බච්චන් පවා කතා කරන්නේ හරිම සතුටින්.

ඉදිරියේ රූගත කිරීම් කරන්නට නියමිත Brahmastra චිත්‍රපටයේ අමිතාබ් සමඟ ඔහුගේ පුතාගේ චරිතයට පෙනී සිටින්නේත් රන්බීර්. මේ නිසාම මෑතකදී අමිතාබ් සහභාගි වුණු සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍ය ඔහුගෙන් රන්බීර් සමඟ රංගනයේ යෙදීම ගැන අදහස් විමසා සිටියා.

"තාම මම මේ අලුත් Film එකේ රන්බීර් එක්ක රඟපෑවේ නැහැ. ඒත් මීට කලින් මට සන්ජේ ලීලා බන්සාලිගේ (2005) Black චිත්‍රපටයේදී ඔහුව මුණගැහුණා. ඒ චිත්‍රපටයේ රන්බීර් වැඩ කළේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදියටයි. ඒකේ ආබාධිත පුංචි ගැහැනු දරුවකුගේ චරිතෙට පෙනී සිටි අයේෂා කපූර්ව පුහුණු කළේ රන්බීර්. ඇත්තෙන්ම ඒක හරිම සිත්ගන්නාසුලු රංගනයක්. රන්බීර් දක්ෂ නළුවෙක් කියන දේ මට එදා හොඳින්ම තේරුණා. මට හිතෙන්නේ ඔහු දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් කියලයි. මම හදවතින්ම රන්බීර්ට සුබ පතන අතරම ඔහුගේ රංගනයත් අගය කරනවා" මෙන්න මෙහෙම තමයි අමිතාබ් රන්බීර්ව අගය කරලා තිබුණේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon