ප්‍රිසිලා, එල්විස්ගෙන් දික්කසාද වූ හේතුව වසර හතළිස් පහකට පසු හෙළි කරයි

  👤  2370 readers have read this article !
Published by : MB WEB 2018-05-25 15:20:41

"මේ ලෝකෙ ගැහැනු මිලියන ගණනක් එල්විස්ගේ බිරිය වෙන්න ප්‍රාර්ථනා කරන්න ඇති. එහෙත් එහෙම වුණා නම් තමන්ට කියලා ජීවිතයක් නැති වෙනවා."

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වාසය කරන, මේ වන විට 72 හැවිරිදි වියේ පසුවන ලොවක් වසඟ කළ ලෝ ප්‍රකට ගායක එල්විස් ප්‍රෙස්ලිගේ දයාබර බිරිය වූ ප්‍රිසිලා ප්‍රෙස්ලි තමන් එල්විස්ගෙන් දික්කසාද වීමට මුල් වූ හේතුව ගැන අනාවරණය කරමින් එසේ සඳහන් කරනවා.

එවකට එල්විස්ට වඩා වසර 10කින් බාල වූ ප්‍රිසිලාට එල්විස්ව මුලින්ම මුණ ගැහුණේ ජර්මනියේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරක් තුළදී. ඒ කාලයේදීත් ඔහු ගායකයකු ලෙස කීර්තියක් හිමිකරගෙන සිටි අතර ඔහුගේ ගීත ගුවන් විදුලි තරංග ඔස්සේ විකාශය වුණේ හරියට ළැව් ගින්නක් පැතිර යනවා වගෙයි. එල්විස් හමුදා භටයකු ලෙස සේවය කළ අතර එවකට ප්‍රිසිලාගේ වයස අවුරුදු 14යි. එල්විස්ගේ ප්‍රසන්න කඩවසම් ඒ වගේම විනීත ගති පැවැතුම්වලට ප්‍රිසිලාගේ හිත තදින්ම බැඳී තිබුණා.

ඉන් වසර 7කට පසු ප්‍රිසිලාට 21 වැනි විය සපිරෙද්දී ඔවුන් විවාහ වූ අතර එල්විස්ගේ ලෝකය තුළ වූයේ ඇය සිතා සිටි සොඳුරු බව නොවන නිසා වසර 6කට පසු ප්‍රිසිලා ඔහුගෙන් දික්කසාද වුණා.

"විවාහයෙන් පස්සේ අපි ගේ‍ර්ස්ලන්ඩ් මෙම්පිස් වත්තේ පදිංචියට ගියා. එල්විස්ට ඇසුරු කරන්න එයාගේම කට්ටියක් හිටියා. එයා කවදාවත් ගෙදරින් බැහැර ගිහින් අවන්හලකින් කෑම ටිකක් කාලා එන්න කැමැති වුණේ නැහැ. ඒ ඔහුව දැක්කාම රසිකයන් කරදර කරාවි කියලා හිතලා." ඇය සඳහන් කරනවා.

එල්විස්ගේ ඇතැම් ගති පැවැතුම් තමන්ට වටහා ගැනීමට අසීරු බව සඳහන් කරන ප්‍රිසිලා ඔහු බොහෝ විට තීරණ ගන්නා ලද්දේ තමන් පිළිබඳව නොතකා බවත් සඳහන් කළා. එමෙන්ම තමන් අඳින පලඳින දෙයක් පිළිබඳව කිසි දිනෙක කතා කොකළ ඔහුට ඒ පිළිබඳව කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් පැවැසුවා.

"මට ඔහුගේ ලෝකය තුළ තනිවෙලා ඉන්නයි සිදුවුණේ. ගැහැනියක් හැටියට ඒ දේවල් මට දරාගන්න හැකි ප්‍රමාණයක් තිබුණා. ඒ හින්දා මම තීරණයක් ගත්තා. මං එල්විස්ගෙන් දික්කසාද වුණේ එයාට ආදරේ නැති හින්දා නෙමෙයි. ඔහු මගේ සදාකල් ආදරයයි. ඒ හින්දා ඒ ආදරය රැක ගන්න නම් මා ඔහු වෙතින් යා යුතු වූවා". ඇය සඳහන් කළා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon