ගීතිකා ‘කෝටිපතියෝ’ටෙලියෙන් හැලිලද?
ගීතිකා දැන් නිදහසේ ඉන්නවා වගේ..?
ඇත්තම කිව්වොත් දැන් දිනපතාම ෂූටින් නෑ. උපරිම ටෙලි නාට්‍ය දෙකක, තුනක විතර තමයි වැඩ. ඉතිං ඉස්සර වගේ ගොඩක් කාර්යබහුල නෑ. වැඩිපුර නිදහසේ ඉන්න ගමන් වැඩත් කරනවා.
වැඩිපුර නිදහසේ ඉන්නේ වැඩ අඩු වෙලාද..?
දැන් ඉතිං වැඩිපුර විකාශය වෙන්නේ විදේශීය නාට්‍යනේ. මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය නවයකටත් වඩා තියෙනවා. ඒවා තාම විකාශය වුණෙත් නැහැ.
"ගීතිකා" දැන් "කෝටිපතියෝ" ටෙලියෙත් වැඩිය පේන්න නෑනේ..?
මම හරි ආසාවෙන් හාරකෝටිය ටෙලිනාට්‍ය බැලුවා. සිවගුරුනාදන් අයියා එක්ක වැඩක් කරන්න තිබ්බා නම් කියලා මම හිත හිත හිටියේ. ඔය අතරෙදි තමයි සිවා අයියා මට "කෝටිපතියෝ" නාට්‍යයට කතා කළේ. මම ගොඩක් සතුටු වුණා. ඒ සතුටට මොකක් වුණාද කියලා මටත් තේරෙන්නේ නෑ. මම ඉතිං පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මගේ වාසනාවේ අඩුපාඩුවක්ද දන්නේ නෑ. මට දක්ෂතාව පෙන්වන්න තාම එහි හරියට අවස්ථාවක් ලැබුණේ නෑ.
"කෝටිපතියෝ" ටෙලි නාට්‍යයේ ගීතිකාට ලැබිච්ච අවස්ථාව ගැන සෑහීමකට පත්වෙන්න බැරිද..?
ඇත්තටම සෑහීමකට පත්වෙන්න බෑ. මම වැඩ කරන්න බොහොම ප්‍රිය කරන අධ්යක්ෂවරයෙක් තමයි සිවගුරුනාදන් අයියා. සද්ධාමංගල සූරිය බණ්ඩාර වගේ කෙනෙක්ගේ වැඩක් කරන්න ලැබීම ගැනත් මම සතුටු වුණා. මගේ රංගනයේ ලොකු කැපෑසිටි එකක් තියෙනවා. ඒත් මොකක්දෝ මන්දා හේතුවකට ඒ මට ලැබුණු ලේකම්වරියගේ චරිතය තුළ තාම හරියට දෙයක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. බලමු ඉදිරියට හරි ඒ චරිතය තුළින් යමක් කරන්න පුළුවන් වෙයිද කියලා.
විවාහයත් එක්ක ගීතිකාට වැඩ අඩුවෙලාද..?
එහෙමම නැහැ. නමුත් ලංකාවේ මෙහෙම දෙයක් තියෙනවා. මම ඉතිං මුලින් ප්‍රධාන නිළි චරිතවල වැඩ කළා. මාස හයක් විතර වැඩ නොකර හිටියට ඒ කාලෙට විශාල පිරිසක් ක්ෂේත්රයට ඇවිත් ඉන්නවා. දැන් ඉතිං ප්‍රධානම චරිත කියලා ලැබෙන්නේ නැහැ. මගේ දක්ෂකම පෙන්වන්න පුළුවන් චරිත මම කරනවා.
සැමියා ගීතිකාට තහංචි දාන්නේ නැද්ද..?
නැහැ. එයා කවදාවත් මට තහංචි දාන්නේ නැහැ. එහෙම තහංචි දාන්න කියලා දැන් අපිට මුලින් ස්ක්‍රිප්ට් එක ලැබෙන්නෙත් නෑනේ. අධ්යක්ෂවරයාගෙන් මට ලැබෙන චරිතය ගැන අදහසක් ගන්නවා. ලොකේෂන් එකට යනකල්ම අපි දන්නේ නෑ චරිතය මොන වගේද කියලා.
එහෙම නොදැන ගිහින් අතරමං වෙච්ච අවස්ථා තියෙනවද..?
නැහැ. ඒකාකාරී චරිතනේ ගොඩක් වෙලාවට ටෙලි නාට්‍යවල ලැබෙන්නේ. තාම නම් එහෙම වැරැදි චරිතයක් ලැබිලා නෑ. දැනට නම් මම නොදැන ගිහින් අතරමං වෙලා නැහැ. ඉදිරියටත් වෙන එකක් නෑ. ටෙලිනාට්‍යවල එහෙම ලොකුවට තෝරන්න දේවල් නෑනේ. සිනමාවට වගේ ආරාධනාවක් ලැබෙද්දි තමයි ස්ක්‍රිප්ට් එක ගැන බලන්න ඕන.
ගීතිකාට තාම සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද..?
ආරාධනා නම් ගොඩක් ලැබිලා තියෙනවා. මගේ අකැමැත්ත නිසා ඒ චිත්‍රපට කළේ නෑ. චිත්‍රපටයක් කරද්දී ඔහේ කරලා වැඩක් නෑ. හොඳ නමක් දිනාගත්ත අධ්‍යක්ෂවරයෙක්ගේ වැඩකට සම්බන්ධ වෙන්න මම කැමැතියි. එහෙම ආරාධනාවක් මට ලැබිලා තියෙනවා. බලමු ඉදිරියට.
තාමත් ගීතිකා සැමියව යන යන තැන එක්ක යනවද..?
එහෙම නැහැ. මුල් දවස්වල දුර පළාත්වල වැඩවලට යද්දි මමම එයාට කතා කරනවා මාත් එක්ක යමු කියලා. ඒක මටත් ලේසියිනේ. ඒත් හැම වැඩේටම එයාට එන්න බෑ. මගේ පස්සෙන් ආවොත් එයාට එයාගේ වැඩ කරන්න වෙලාවත් නැති වෙනවනේ.
ගීතිකා පවුලට වැඩි බර දෙනවද..?
ඔව්. පවුලට තමයි දැන් වැඩි බර දීලා තියෙන්නේ. මොන දේ කරන්නත් පවුල සාර්ථක වෙලා තියෙන්න ඕනෙනේ.
මොනවද අලුත් වැඩ කටයුතු..?
සත්සර කසුන් ලියන රුචිනි කියන "රේඩියෝ" නාට්‍යයට සම්බන්ධ වුණා. සමුද්‍රා හික්කඩුවගේ අලුත් ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා.
පවුලට අලුත් අමුත්තෙක් එකතු කරගන්න අදහසක් නැද්ද..?
තාම නැහැ. තාම අපි පොඩි ළමයිනේ. වැඩ ටිකක් තව කරලා ඒ ගැන බලන්න පුළුවන්.
මොනවද ඉදිරි සැලසුම්..?
අපේම කියලා ගෙයක් හදන එක තමයි දැනට තියෙන ලොකුම සැලසුම.
අද මව්බිමෙන්
- සිංහ වෙස් ගත් ක්‍රිකට් හතුරෝ 🕔2019-02-17
- ජාතික වත්කම් විකුණා දැමීමෙන් කිසිම රටක ආර්ථිකය ස්ථාවර වී නෑ 🕔2019-02-17
- විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු 🕔2019-02-17
- ආණ්ඩුව පෙරළන්න උපදෙස් දුන් කපටි ආරක්ෂකයන් දැන් ඉන්නේ අගමැතිතුමා එක්ක - ලක්ෂ්මන් කිරිඇල්ල 🕔2019-02-17
- තුෂාරා චිත්‍රපටයෙ කැමරාවෙ හැංගුණු විජය-මාලනී ආදරයේ අතීත රහස් 🕔2019-02-17
- ගෝඨාභය අපේ ප්‍රතිපත්තිවලට එකඟ නම් මට එතුමා ගැන ප්‍රශ්නයක් නෑ - වාසුදේව නානායක්කාර 🕔2019-02-17
- විදේයාදයෙන් උදාවූ ධර්ම ශාස්තේරා්න්නතිය 🕔2019-02-17
- රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා 🕔2019-02-17
- O/L වත් නැති විධායකයෙක් කුඩා තේ වතු සංවර්ධනේ වනසපු හැටි 🕔2019-02-17
- තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ... - රයන්ගේ දුව නතාලි කතා කරයි 🕔2019-02-17
- එක්කෙනෙක් මරනව දැක්ක නිසා දෙන්නවම මැරුවා... 🕔2019-02-17
- එළිසබෙත් - පිලිප් 70 වසරක යුග දිවිය සසල කළ පොතක් 🕔2019-02-17
- සුළු ජන ඡන්ද ගැන සත්‍යය සහ මිථ්‍යාව 🕔2019-02-17
- නරමාණේ බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වෙති 🕔2019-02-17
- මෙඩේරිගම නන්දාරාම හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය 22දා 🕔2019-02-17
- ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි 🕔2019-02-17
- TRAILBLAZER 2019 23දා නෙලුම් පොකුණේදී 🕔2019-02-17
- ඇත්තටම වෙව්ලන්නෙ මොකෑ... 🕔2019-02-17
- තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු 🕔2019-02-17
- කළු සාගරයි අන්නාසි මොරිලුයි මධුෂ් කුඩු කරන්න ඩුබායිවලදී ගහපු ගේම 🕔2019-02-17