ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය ලංකාවේ පෙරහුරුව අදයි

  👤  1114 readers have read this article !
Published by : MB WEB 2018-05-30 17:10:56

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තුන්දින ක්‍රිකට් තරගය අද ටි්‍රනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලකවරයාගේ කණ්ඩායම සමඟින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.30ට පමණ ආරම්භ වන අතර, මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන එකම පුහුණු තරගය බවටද පත්වී තිබේ.
කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජුනි 6 වැනිදා සිට 10 වැනිදා දක්වාද, දෙවැනි තරගය ජුනි 14 වැනිදා සිට 18 වැනිදා දක්වාද, තෙවැනි හා අවසන් තරගය දිවා-රාත්‍රි තරගයක් ලෙස ජුනි 23දා සිට 27 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිතය.

මේ අතර තම පියාගේ අභාවය හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා වෙනුවට වෙනත් ක්‍රීඩකයකු කණ්ඩායමට එකතු කරනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නැතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ගේ‍රහැම් ලැබ්රෝයි මහතා 'මව්බිම'ට පැවැසීය.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජිලෝ මැතිව්ස්, අකිල ධනංජය,
නිරෝෂන් දික්වැල්ල, අසිත ප්‍රනාන්දු, ළහිරු ගමගේ, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, කසුන් රාජිත, රොෂේන් සිල්වා, මහේල උඩවත්ත, ජෙෆ්රි වැන්ඩර්සේ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon