ක්‍රිකට් නිලවරණය අත්හිටුවයි නිශාන්තගේ පෙත්සම යළි විභාගය 14දා
කමල් මහේන්ද්‍ර වීරරත්න
අද (31දා) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (30දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
මෙම අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නිකුත් කරන ලද්දේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා ගොනුකළ පෙත්සමක් ඊයේ සවස 4.45 වනතුරු (දවස පුරාම) විමසුමට ලක්කිරීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර ස¼දහා මෙවරද නාමයෝජනා ඉදිරිපත් කොට සිටින වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ඉදිරිපත් කොට ඇති නාමයෝජනාව නීති විරෝධී බැවින් එය ඉවත් කරමින් "රිට් ආඥාවක්" නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් මෙම පෙත්සම ගොනුකොට ඇත.
තවද එකී නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලා තමන් විරෝධතාවක් එම අවස්ථාවේදීම ඉදිරිපත් කළද නාමයෝජනා නිලවරණ කමිටුව වත්මන් සභාපතිවරයාට පක්ෂග්රාහී වෙමින් එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ බවද ඔහු සිය පෙත්සමෙන් ප්‍රකාශ කොට තිබිණි.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටිමින් දිගින් දිගටම කරුණු දක්වමින් කියා සිටියේ එම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස "රිට්" ආඥාවක්ද වගඋත්තරකාර සුමතිපාල මහතා එකී නිලවරණයට තරග කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.
වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන එම්.එච්.එම්.අලිසබ්රි, කානග් ඊශ්වරන්, සංජය ජයවර්ධන, නවීන් මාරපන, ජීවන්ත කුලතුංග, සම්පත් මෙන්ඩිස්, කාංචන රත්වත්ත ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දක්වමින් කියා සිටියේ එවැනි තීරණයක් ගැනීම උචිත නොවන බවත් නිලවරණය අත්හිටුවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අද පවත්නා ආකාරයෙන්ම තිබීමට ඉඩ හැර පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීම වඩාත් යෝග්‍ය බවය.
තවදුරටත් ඔවුන් කියා සිටියේ ගරු අධිකරණයේ අභිමතය පරිදි අවශ්‍ය නම් නිලවරණය පැවැත්වීම එතෙක් අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව තම විරුද්ධත්වයක් නොමැති බවය.
පෙත්සම් පාර්ශ්වයද කියාසිටියේ ඒ පිළිබඳව තමන්ගේ විරෝධත්වයක් ඉදිරිපත් නොකරන බවය.
ඒ අනුව දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේම නීතිඥවරුන් සමඟ කරුණු සාකච්ඡා කළ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන මහතා සෙසු විනිසුරු අර්ජුන ඔබේසේකර මහතාගේද එකඟත්වය මත ඉහත අතුරු තහනම් නියෝගය නිකුත් කරමින් පෙත්සම් විභාගය නිමා වන තෙක් නිලවරණය පැවැත්වීම අත්හිටුවනු ලැබීය.
ජුනි මස 14 වැනි දින පෙත්සම යළි විභාගයට දින නියම කරනු ලැබීය.
අද මව්බිමෙන්
- ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරේ වැසියන්ගෙන් ලක්ෂයක පෙත්සමක් 🕔2019-02-19
- ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කර පූජා කෙරේ 🕔2019-02-19
- මම සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයක් කරනවා 🕔2019-02-19
- දඹුල්ලෙන් ගුවන් ගත කළ බැලුනයක් ගල්කිරියාගම වගා බිමකට ගොඩබස්වයි 🕔2019-02-19
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමයි 🕔2019-02-19
- එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට සහ අනිද්දා 🕔2019-02-19
- ජර්මනියේ සිට මත්ද්‍රව්‍ය පාර්සලයක් තැපෑලෙන් එවලා 🕔2019-02-19
- සිංහරාජයෙන් පන්නන්න හැදූ සතුන්ගේ සිරුරු සංඛ්‍යාව 1173ක් 🕔2019-02-19
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා බලන ඥාතීන්ගේ සංගමය යාපනයේ එ.ජා. සංවිධානයට පෙත්සමක් භාර දෙයි 🕔2019-02-19
- ටෙන්ඩර් ක්රමයේ විනිවිදභාවයක් නෑ ශ්‍රී ලංකාව ආයෝජනයට නුසුදුසුයි 🕔2019-02-19
- රනිල් - මෛත්‍රි කඹ ඇදිල්ලෙන් වී මෝල් හිමියන්ට මිලියන 1000ක සහන ණය මුදල අහිමි වෙයි 🕔2019-02-19
- අලුගෝසු තනතුරට අයැදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් මදි 🕔2019-02-19
- සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ හිමිවීම් කොට උඩ 🕔2019-02-19
- රනිල් ප්රමුඛ එජාපය ඡන්ද කල්දාන්නේ සල්ලි හොරකම් කරන න්‍යාය පත්‍රය නිසයි 🕔2019-02-19
- රණවිරු දඩයම නවතා දමන්න 🕔2019-02-19
- ආයෝජන මෙරටට ගෙන ඒමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා 🕔2019-02-19
- අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතිය යටතේ ගම්මාන 250ක් 🕔2019-02-19
- ඇමැති රන්ජන්ගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න 🕔2019-02-19
- ස්වාභාවික ද්‍රවකෘත වායු ටෙන්ඩරය ලක්දනවි සමාගමෙන් ගිලිහුණේ් අඩුලුහුඬුකම් නිසයි 🕔2019-02-19
- රුපියල් මිලියන 12,000ක් වෙන් වෙයි 🕔2019-02-19