සත් සාමාජික ක්‍රීඩා සමාජ රග්බි සටන හෙට සිට සති තුනක් කොළඹදී

  👤  1650 readers have read this article !
Published by : MB WEB 2018-06-01 13:02:14

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරනු ලබන ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි පළමු කොටසේ තරගාවලියේ පළමු අදියර තරග හෙට (2දා) හා 3 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වුවත් පළමු කොටසේ තරගාවලියේ දෙවැනි අදියර තරග ජුනි 16 හා 17 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදීම පැවැත්වෙන අතර, දෙවැනි කොටසේ තරග ජුනි 9 හා 10 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතත් එම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය පසුව දැනුම් දෙන බව මෙයට අදාළව පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

මහනුවර ක්‍රීඩා සමාජය, හැව්ලොක්ස්, සී.එච්. ඇන්ඩ් එෆ්.සී., නාවික හමුදාව, පොලිසිය, ගුවන් හමුදාව, යුද හමුදාව, පීටර්සන්, ගාලු රග්බි ක්‍රීඩා සමාජය, සබරගමුව රග්බි ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් මෙම තරගාවලියට එක්ව ඇති අතර, ඒ අතුරින් යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිසිය හා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. යන ක්‍රීඩා සමාජ කාන්තා හා පිරිමි වශයෙන් කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කිරීම තුළින් කණ්ඩායම් 20ක් මෙම තරගාවලිය සඳහා එක්ව සිටීමද විශේෂත්වයකි.

මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙන්ම ඩයලොග් ආසියාටා සමාගමේ අලෙවි (සමූහ) නිලධාරිනී අමලි නානායක්කාර, ප්‍රධාන කළමනාකාර හර්ෂ සමරනායක, රග්බි පාපන්දු සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න, එම සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත ඒකනායක යන මහත්වරුද එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon