ධනංජයද සිල්වා නැවතත් කොදෙව් සංචාරයට එක්වෙයි

  👤  1221 readers have read this article !
Published by : MB WEB 2018-06-03 11:58:54

සිය පියාගේ අභාවය හේතුවෙන් කොදෙව් සංචාරයට එක් නොවූ ධනංජය ද සිල්වා අද (03) බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ධනංජය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බව ක්‍රිකට් ආයතනය පැවසීය.

 ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන 06 වැනිදා ආරම්භ වීමට නියමිතය.

 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මස 31 වැනිදා දිවයිනෙන් පිටත්ව ගියේය.

කෙසේවෙතත් සිය පියාගේ ඝාතනය හේතුවෙන් එදින කණ්ඩායම සමග එක්නොවන බවට ධනංජය ද සිල්වා ප්‍රකාශ කර තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon