වියත්මඟ දේශනය රජයේ දර්ශනයට සමාන බව කීවත් ක්‍රියාත්මක නොවීම ගැටලුවක්

  👤  1263 readers have read this article !
Published by : MB WEB 2018-06-04 11:56:49

පනාගොඩ - චම්පා ජීවන්ති


වියත්මඟ දේශනයේදී තමන් දැක්වූ කරුණු හා රජයේ දර්ශනය සමාන බව කවුරුන් පැවැසුවත් මේ වන විට එම දර්ශනය රටේ ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇතැයි හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03දා) සවස හංවැල්ල ජල්තරදී පැවැසීය.


වැදගත් වන්නේ ප්‍රතිපත්ති නොව එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව වන බැවින් වියත්මඟ දේශනයේදී තමන් දැක්වූ අදහස් හා වෙනත් පාර්ශ්වයක අදහස් සමාන බව කවුරුන් කීවත් එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව හා නොහැකියාව, අදාළ පාර්ශව හා තමන් අතර ඇති වෙනස බවද ඒ මහතා මෙහිදී පැවැසීය.


හංවැල්ල ජල්තර ශ්‍රී ධම්මික දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර බෙදාදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීය.


අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතු සඳහා මුදල් දුන් බවට කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද පැවැසීය. "ඒ සමයෙහි ඔහු රාජ්‍ය නිලධාරියෙක්. දේශපාලකයන්ට ඡන්ද කටයුතු සඳහා මුදල් දීම නීති විරෝධී කටයුත්තක්. නමුත් මම නම් කාගෙන්වත් සල්ලි ගත්තේ නැහැ" පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon