නව කළමනාකාර සුසන්ත යටතේ ශ්‍රී ලංකා පිල ජපානයට
ජුනි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගි වන 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (04දා) ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.
ක්‍රීඩකයන් 6 දෙනකු හා ක්‍රීඩිකාවන් 6 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වීරකැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශනට හිමිව ඇති අතර, ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම් සිහිනය සපුරාලිය හැකි ප්‍රධාන ක්‍රීඩකයකු ලෙසද පැවැසේ.
එනම් පසුගිය දා ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 200 ඉසව්ව තත්. 21.50කින් හා මීටර් 400 ඉසව්ව තත්. 46.55කින් අවසන් කරමින් රන් පදක්කම් දිනාගැනීමට අරුණ දර්ශන සමත් වී තිබිණි.
මේ අතර නම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් මහනුවර ස්වර්ණමාලී විදුහලේ අමාෂා ද සිල්වා හා වලල ඒ. රත්නායක විදුහලේ දිල්ෂි කුමාරසිංහ දැඩි බලාපොරොත්තු තබා ඇති ක්‍රීඩිකාවන් බවට පත්ව සිටී.
එහිදී අමාෂා ද සිල්වා දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 100 ඉසව්ව තත්. 11.92කදී අවසන් කරමින් නව තරග වාර්තාවක් සමඟින් රන් පදක්කමක් හා මීටර් 200 ඉසව්ව තත්. 24.70කදී අවසන් කරමින් රන් පදක්කමක්ද දිනා ඇත. එසේම දිල්ෂි කුමාරසිංහ දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලියේදී මීටර් 400 ඉසව්ව තත්. 54.47කදී හා මීටර් 800 ඉසව්ව වි:2:07.73කදී අවසන් කර නව තරග වාර්තා සමඟින් රන් පදක්කම් දිනා ගෙන තිබීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම භාර කළමනාකරුවකු ලෙස නම් කර සිටි අනිල් වීරසිංහ මහතාට එල්ල වූ විවිධ චෝදනා හේතුවෙන් ඔහු ඉන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබූ හෙයින් ඒ වෙනුවට සුසන්ත ප්‍රනාන්දු මහතා කළමනාකරු හා පුහුණුකරුවකු ලෙස පත්කර ඇත. තවද සංජීව වීරක්කොඩි, අසංක රාජකරුණ කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරුවන් ලෙසද, යමුනා රත්නායක කාන්තා භාර නිලධාරිනිය ලෙසද නම් කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
අරුණ දර්ශන (වීර කැප්පෙටිපොළ ජාතික පාසල _ මීටර් 200, 400, 4×400), පසිඳු කොඩිකාර (කුරුණෑගල මලියදේව - මීටර් 400, 4×400), පබසර නිකු (කොළඹ නාලන්දා _ මීටර් 400, 4×400), රවිෂ්ක ඉන්ද්‍රජිත් (කොටහේන ශා. බෙනඩික් _ මීටර් 4×400), හර්ෂ කරුණාරත්න (වලල රත්නායක _ මීටර් 800, 4×400), තරිඳු දසුන් (මහින්ද - උස පැනීම), අමාෂා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලි - මීටර් 100, 200, 4×400), දිල්ෂි කුමාරසිංහ (වලල ඒ. රත්නායක _ මීටර් 400, 800, 4×400), රුමේෂි අත්තිඩිය (නුගේගොඩ ලයිසියම් _ මීටර් 4×400), සචිනි දිව්‍යාංජලී (වත්තල ලයිසියම් _ මීටර් 4×400), සඳුමිණි බණ්ඩාර (ශා.ජෝෂප් - කෑගල්ල _ මීටර් 4×400), රිද්මි නිෂාදි (ධර්මාශෝක - දුර පැනීම)
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24