ගුවාතමාලා යමහල් විදාරණයෙන් රැසක් මරුට

  👤  1022 readers have read this article !
Published by : MB WEB 2018-06-04 15:37:47

දශක කිහිපයකට පසු ගුවාතමාලාවේ හටගත් ප්‍රචණ්ඩතම යමහල් විදාරණයට හසුවීමෙන් විසිපස්දෙනක් මියගොස් සිය ගණනක් තුවාල ලැබූහ.

ගුවාතමාලා සිටි අගනුවරින් කිලෝමීටර 40 ක් (සැතපුම් 25 ක්) නිරිතදිගින් පිහිටි ෆුඑගෝ යමහල ගල් කැබලි විසුරුවමින් විදාරණය වූ අතර ඉන් නිකුත් වූ අළු සහ කළු දුම් අහස පුරා පැතිරිණි.

ඉන් වැගිරුණු ලාවා දහර එල් රොඩෙඕ (El Rodeo) ගම්මානය හරහා ගලායාම හේතුවෙන් එහි සිටියවුන් මියගියේ නිවෙස් තුළ සිටියදීමය. යමහල විදාරණය හේතුවෙන් ගුවාතමාලාහි ප්‍රධාන ගුවන්තොට වූ ගෝතමාලා සිටි අගනුවර ගුවන්තොටුපළ වසා දැමීය.

ජනාධිපති ජිමි මොරලෙස් (Jimmy Morales) රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට සලකා බලමින් සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon