දීපිකා - රන්වීර් එක වහලක් යටට යන ලකුණු

  👤  1796 readers have read this article !
Published by : MB WEB 2018-06-05 10:25:44

ආනන්ද් අහුජා හා සෝනම් කපූර් යුවළගේ ආදර සම්බන්ධය ගැන බොලිවුඩයේ කටකතා පැතිරෙන්නේ කාලයක ඉඳන්මයි. මේ දෙදෙනාගේ ආදර කතාව මල්ඵල ගන්වමින් පසුගිය දිනෙක මේ යුවළ විවාහ දිවියට එළඹුණේ බොලිවුඩ් තරු පිරිවරාගත් උත්කර්ෂවත් මංගල උත්සවයකින්.

සෝනම්ගේ විවාහයෙන් පස්සේ දැන් හැමෝම කතාබහ වෙන්නේ රන්වීර් - දීපිකා යුවළ ගැනයි. මේ වසරේ අග භාගය වන විට මේ යුවළගේ මංගල හීනය සැබෑවක් වෙන බවටත් මේ දිනවල කටකතා පැතිරෙනවා. මාධ්‍ය ඉදිරියේ මේ දෙන්නම තමන්ගේ ආදරය කියන්න පසුබට වුණේත් නැහැ. බොලිවුඩයේ හරිම ආදරණීය යුවළක් වුණු මේ දෙපළගේ රංගනයටත් බොහෝ දෙනා ආදරය කරනවා. රාම් ලීලා, බජ්රාඕ මස්තානි හා පද්මාවත් චිත්‍රපට ආදායම් වාර්තා තබමින් තිරගත වුණෙත් මේ පෙම් යුවළගේ රංගනයේ හැකියාවන්ද කියාපාමින්.

නොවැම්බර් මස 19 වැනි දින මේ යුවළගේ අතිනත ගැනීමේ උත්සවයට සියල්ල සූදානම් වන බවත් දින තුනක් පුරා උත්සවශ්‍රීයෙන් සමරන්නට සැරසෙන මේ විවාහයට බොලිවුඩයේ තරු රැසක් එක්වෙන බවත් ආරංචි වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon