සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ටියුනීසියාව අසලදී මුහුදුබත් වෙයි 46 දෙනෙක් මියයති

  👤  1063 readers have read this article !
Published by : MB WEB 2018-06-05 16:07:31

සංක්‍රමණිකයන් රැගෙන යුරෝපය කරා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් ටියුනීසියාවේ දකුණු වෙරළබඩ තීරයට ආසන්නව ගිලී යෑමෙන් එහි සිටි සංක්‍රමණිකයන් 46 දෙනකු මුහුදේ ගිලී මරණයට පත්වී ඇත. මෙම බෝට්ටුවේ සංක්‍රමණිකයන් 180ක් පමණ සිට ඇති අතර ඉන් 70 දෙනකුගේ පමණ දිවි බේරා ගැනීමට හැකි වූ බව ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) පවසයි.

බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බැවින් අතුරුදන්ව සිටින සංඛ්‍යාව අවසානාත්මකව ප්‍රකාශ කර නැත. වෙරළාරක්ෂක භටයන් සහ නාවික හමුදාවත්, හමුදා ගුවන් යානාවකුත් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව ටියුනීසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම බෝට්ටුවේ ටියුනීසියානු ජාතිකයන් මෙන්ම අනෙකුත් අප්‍රිකානු රටවල වැසියන් අසූවක් පමණ සිටි බවද සඳහන් වේ. බෝට්ටුව ගිලීයෑමට පටන් ගත් පසු එහි කපිතාන්වරයා පැනගිය බව දිවි බේරාගත් තැනැත්තකු පවසා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon