උතුරු කොරියාව: ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන් අන් හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේදී
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් අතර යෝජිත හමුව, සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා (Sentosa) දිවයිනේ පිහිටි හෝටලයකදී සිදුවන බව ධවල මන්දිරය තහවුරු කළේය.
මෙම ඓතිහාසික හමුව ජුනි 12 වෙනිදා පැවැත්වීමට නියමිත නමුත් මේ දක්වා බොහෝ තොරතුරු තහවුරු කර නොමැත.
මෙය ඔවුන් දෙදෙනා මුණගැසෙන පළමු අවස්ථාවය.
සැළසුම් "ඉතා හොඳින් ඉදිරියට" යන බව ජනාධිපති ට්‍රම්ප් අඟහරුවාදා(05) සඳහන් කළේය.
"විශාල වශයෙන් සම්බන්ධතා ගොඩනැගුණා. සංචාරයට කලින් එකඟතාවන් රැසකට එළඹෙනවා," වාර්තාකරුවන් අමතමින් ඔහු සඳහන් කළේය.
"එය ඉතා වැදගත්. එය ඉතා වැදගත් දින කීපයක් වේවි."
නායක හමුව සිංගප්පුරුවේ තරු පහේ හෝටලයක් වූ කපෙලා (Capella) හිදී පැවැත්වෙනු ඇති බව ධවල මන්දිරයේ ප්රවෘත්ති ලේකම් ට්විටර් පණිවුඩයකින් තහවුරු කර තිබේ.
නමුත්, දැනට පෙනෙන්නට ඇති පරිදි ජනාධිපති ට්‍රම්ප් මීට පෙරද නවාතැන් ගත් ශැන්ග්‍රි-ලා (Shangri-La) හෝටලයේ නැවතීමට ඉඩ තිබේ. උතුරු කොරියානු නායකයා බොහෝ විට ශාන්ත රෙගිස්හි (St Regis) නවතිනු ඇති බව The Straits Times පුවත්පත වාර්තා කරයි. මෙම හෝටල් දෙකම සුප්‍රකට සාප්පු සංකීර්ණ පිහිටි ඕචර්ඩ් මාර්ගයට ආසන්නව ප්‍රධාන දූපතෙහි පිහිටා ඇත.
හෙක්ටෙයාර 500 ක් පමණ විශාල සෙන්ටෝසා සිංගප්පූරුව නිර්මාණය වී ඇති දූපත් 63 කින් එකකි. සුඛෝපභෝගී හෝටල්, පෞද්ගලික වරාය සහ ගොල්ෆ් පිටිවලින් සමන්විත සෙන්ටෝසා ප්‍රධාන දූපතට ආසන්නව පිහිටා තිබේ.
එසේම, මුහුදු මංකොල්ලකරුවන් මෙන්ම ලේ වැගිරීම් හා යුද පිළිබඳ අඳුරු අතීතයක් ද එම දූපත හා බැඳී පවතී.
අද මව්බිමෙන්
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20
- එජාපය ප්රමුඛ කණ්ඩායම පරාජය කිරීමට නම් එජාප විරෝධී බලවේග එකම පෙරමුණකින් තරග කළ යුතුයි 🕔2019-02-20
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සමඟ උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන්ම 🕔2019-02-20
- අතීතය නමැති තුවාලය පාරමින් වෛර කර පලක් නෑ 🕔2019-02-20
- අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම මධුෂ්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැළිකමක් දක්වනවා 🕔2019-02-20
- දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ 🕔2019-02-20
- පසුගිය වසර තුළ පොල් රට පැටවීමෙන් බිලියන 95ක ආදායමක් 🕔2019-02-20
- යක්කුරේ කනිටු විදුහලේ ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි 🕔2019-02-20
- දරුවෝ සුරකිමු 🕔2019-02-20
- උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයන් තවදුරටත් මෙරට අත්අඩංගුවේ 🕔2019-02-20
- 2018 වසරේ අලි මරණ 311ක් 🕔2019-02-20
- පලාලි සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාව හා පලාලි අතර වූ ගිවිසුම වෙනස් කිරීමට තීරණ 🕔2019-02-20
- රජයේ විධායක නිලධාරීන් 27දා සංකේත වර්ජනයක 🕔2019-02-20
- සිමෙන්ති කොට්ටය රු. 100කින් ඉහළට 🕔2019-02-20
- උ.පෙළ - 2019 අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කෙරේ 🕔2019-02-20
- ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා සතොස නිලධාරියකු පැහැර ගත් හය දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග 🕔2019-02-20
- මවට පිහියෙන් ඇන ඇතැයි සිතූ තරුණ බිරිය සැමියාට පොරොවෙන් කොටලා 🕔2019-02-20
- අවිවාහක තරුණියකට උපන් දරුවා හදාවඩා ගන්නට වෙනත් මවකට දීලා 🕔2019-02-20