ට්‍රම්ප් - කිම් ඓතිහාසික හමුව හෙට

  👤  2091 readers have read this article !
Published by : MB WEB 2018-06-11 09:32:25

හෙට දින (12දා) පැවැත්වීමට නියමිත ඇමෙරිකානු - උතුරු කොරියානු නායකයන් අතර ඓතිහාසික හමුව සඳහා සහභාගිවීමට උතුරු කොරියානු නායක කිම් ජොන් - අන් මෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් කල් තබාම ඊයේ සිංගප්පූරුවට පැමිණියහ.


සිංගප්පූරුවේ විදේශ කටයුතු ඇමැති විවියන් බාලක්‍රිෂ්ණන් (ඍඪමඪචද ඕචතචඬපඪඵඩදධද) විසින් නායකයන් දෙදෙනාව පිළිගන්නා ලදී.
සිංගප්පූරුවේ චැංජි ගුවන්තොටුපොළෙන් ඊයේ (10දා) ඉරිදා සිංගප්පූරුවට කිම් ජොන්-අන් පැමිණීම


පිළිබඳ ඡායාරූප මුදාහැර ඇත. ඒ අනුව කිම් ජොන්-අන් සිංගප්පූරුවට පැමිණ ඇත්තේ එයාර් චයිනා (ඒඪප ඛ්ඩඪදච) ගුවන් යානයකිනි.
කිම් ජොන් අන් සිංගප්පූරුවට ළඟාවීමෙන් පැයකිහිපයකට පසුව ඒඪප ජ්ධපජඥ ර්ණීදඥ ගුවන් යානයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සිංගප්පූරුවේර්ථීචරච ඹ්ඥඡචප ගුවන් කඳවුරට ගොඩබැස්සේය.


ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිංගප්පූරුවට ළඟාවූයේ ට්-7 සමුළුවට සහභාගිවීම සඳහා කැනඩාවේ පැය 20 ක කාලයක් ගත කිරීමෙන් පසුවය.
උතුරු කොරියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන කිම් යොන්-කොල් (ම්ඪථ කධදඨ-ඛ්ඩධත) කිම්
ජොන්-අන් සමඟ සිංගප්පූරුවට පැමිණ ඇත.


ඊයේ සවස කිම් ජොන්-අන් සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් (ඹ්ඥඥ ඩ්ඵඪඥද ඹ්ධධදඨ) හමුවීමට නියමිත විය. සිංගප්පූරු අගමැති ලී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්වද හමුවීමට නියමිතය.


ඓතිහාසික හමුව සඳහා සහභාගි වන අනෙකුත් උතුරු කොරියානු නිලධාරීන්ද පසුව එහි ළඟාවී ඇත. ඒ අතර කිම් ජොන් අන්ගේ නැඟණිය වන කිම් යො ජොන්ද (ම්ඪථ කධ බ්ධදඨ)ද සිටින බව සඳහන් වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon