ඩෙංගු බියෙන් තොරව අනුරාධපුරය වදින්න කටයුතු යෙදෙයි

  👤  1003 readers have read this article !
Published by : MB WEB 2018-06-12 16:17:34

හර්ෂනී අර්සකුලරත්න

අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ඩෙංගු මදුරු පරිශ්‍ර හඳුනාගැනීමත් ඊට අදාළ නිරීක්ෂණ සහ නිගමන කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණායතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි කණ්ඩායමක් අනිද්දා (14දා) අනුරාධපුරය බලා පිටත් වේ.

එළැඹෙන පොසොන් පොහොය සඳහා අති විශාල ජනකායක් පූජා නගරයට ඒකාරාශී වීම නිසා ඩෙංගු මදුරු දෂ්ටනයක් සිදුවුවහොත් ඩෙංගු රෝගය දිවයින පුරා ව්‍යාප්ත විය හැකි බවත් විශාල පිරිසක් එකතැනකට ඒකරාශී වීමට ඩෙංගු රෝගීන් ප්‍රමාණාත්මකව ඉහළ යෑමට හේතු වන බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන පැවැසීය.

මේ පිළිබඳ සලකා බලා බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ලක්ෂ්මි කුමාරතිලකගේ මෙහෙයවීමෙන් එහි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් සහ සහාය නිලධාරීන් කණ්ඩායමක් අනිද්දා දිනයේ අනුරාධපුරය බලා පිටත්ව යන බවද ඔහු පැවැසුවේය.

අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේද සහාය ඇතිව එම කණ්ඩායම පූජා නගරය ආශ්‍රිත මදුරු පරිශ්‍ර හඳුනාගැනීමට අදාළ පර්යේෂණවල නියැළීමට නියමිත බවද හෙතෙම පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon