බතලගොඩ වැව් බැම්මේ තැන තැන ජල කාන්දුවීම්

  👤  1455 readers have read this article !
Published by : MB WEB 2018-06-13 11:02:41

 

ඉබ්ාබාගමුව - තිලක් රත්නායක

මේ වන විට බතලගොඩ වැව් බැම්මේ ස්ථාන කීපයක ජල කාන්දු වීම් පවතින අතර වර්ෂාවට පෙර බතලගොඩ වැව ගොඩවීමටද ලක්ව තිබූ අතර ඒ පිළිබඳව "හිරියාල ගොවීන්ගේ හදවත බඳු බතලගොඩ වැව ගොඩවෙලා" යන හිසින් 2018.03.30 වැනි දින "මව්බිම - වයඹ" පිටුවෙහි පළ වූ පුවත පල දරමින් හිරියාල ආසනයේ ගොවි ජනතාවගේ හදවත බඳු වූ බතලගොඩ වැව සහ කිඹුල්වාන වැව යන ජලාශ දෙකම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ලබාදී ඇති බව ඉබ්බාගමුව බතලගොඩ වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලය පවසයි.

මේ අනුව බතලගොඩ වැව ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 350ක මුදලක් ලබාදී ඇත. ඒ අනුව එහි දැඩි ලෙස අබලන්ව ඇති වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 50ක මුදලක්ද ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 300ක මුදලක්ද වෙන් කොට දී තිබේ.

එසේම කිඹුල්වාන වැවේ දැනට ගොඩවී ඇති ඇළ වේලි ක්‍රමවත්ව සකස් කිරීම ස¼දහා රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර දී ඇත. 1892දී එවකට වාරිමාර්ග ඉන්ජිනේරුවකු වූ හෙන්රි පාකර් නම් සුදු ජාතික මහතා විසින් බතලගොඩ වැව නිසි අයුරින් ඉදිකළ අතර ගතවූ වසර 116කට පසුව එවැන්නක් සිදුවන ප්‍රථම අවස්ථාව මෙය බව හිරියාල ගොවි සංවිධානය පවසයි. වැව යටතේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය අක්කර 7,634 කි. කිඹුල්වාන වැව යටතේ වගා කෙරෙන කුඹුරු අක්කර ප්‍රමාණය අක්කර 2,450කි.

හිරියාලයේ ගොවි පවුල් 12,000කට පමණ මෙම සංවර්ධන ව්‍යපෘතිය තුළින් සෙත සැලසේ.

හිරියාල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජගත් මංජුල යාපා මහතා ද මෙම කරුණු පිළිබඳව ඉල්ලීම් කර තිබූ අතර ජල සම්පත් කළමනාකරණ, ආපදා කළමනාකරණ හා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් මෙකී මුදල් ප්‍රතිපාදන ලබාදී තිබේ.

මෙම වැව් කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන් ජුනි මස 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon