ක්‍රීඩා සතිය නිමිත්තෙන් රාජ්‍ය නිලධාරීන් අතර ක්‍රිකට් තරගාවලියක්

  👤  1009 readers have read this article !
Published by : MB WEB 2018-06-13 10:14:29

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

මෙම වසරේ ක්‍රීඩා හා ශරීර සුවතා ජාතික සතිය නිමිති කරගෙන වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පසුගියදා වනාතවිල්ලුව පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරි ජේ.කේ. සුමිත් නිශාන්ත මහතා ඇතුළු එහි නිලධාරීන් සංවිධානය කර තිබූ මෙම තරගාවලිය සඳහා නාවික හමුදා සෙබළුන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක නිලධාරීන්, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ආදී රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීහු සහභාගි වී සිටියහ.

තරගාවලියේ ශූරතාව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාව නාවික හමුදා කණ්ඩායම දිනා ගත්තේය.

තරගාවලිය වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක රණසිංහ, එහි සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ මධුවන්ති අත්තනායක, හා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා සභාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon