කටුකෙන්ද මැදි මහ විදුහලට වොලිබෝල් ජයක්

  👤  1026 readers have read this article !
Published by : MB WEB 2018-06-13 11:50:15

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ 2018 ඩී.එස්.අයි. සුපර් ස්පෝට් පාසල් වොලිබෝල් පුත්තලම් දිස්ත්‍රික් තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ බාලිකා තරගයේ අනුශූරතාව වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ කටුකෙන්ද ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම දිනා ගනී.

මාරවිල සේවියර් විද්‍යාලීය ක්‍රීඩා පිටියේ මෙම තරගාවලිය පැවැති අතර කණ්ඩායම් 16ක් තරගාවලිය සඳහා සහභාගි වී සිටියහ. ජයග්‍රහණය කළ කටුකෙන්ද මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩායම විදුහල්පති ඒ.පී.කේ.ඩී. පතිරණ නියෝජ්‍ය විදුහල්පති උපුල් විජේතුංග, නියෝජ්‍ය විදුහල්පතිනි එස්.එල්. පද්මිණි කණ්ඩායම් භාර ආචාර්ය කේ.පී.නාමල් ප්‍රනාන්දු සහ පුහුණුකරු අනුර සුමනසේකර යන මහත්ම මහත්මීහු සමඟ ඡායාරූපයේ වෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon