බණ්ඩාරවෙල ෆාමසියක නීති විරෝධී ගබ්සා පෙති

  👤  1407 readers have read this article !
Published by : MB WEB 2018-06-13 08:03:25

බොරලන්ද - සමන් නැදුන්ගමුව

රජය මඟින් ආනයනය තහනම් කළ නීති විරෝධී ගබ්සා සඳහා යොදා ගන්නා ඔෟෂධ පෙති තොගයක් හපුතලේ විශේෂ කාර්ය

බළකායේ නිලධාරීන් හා ඔෟෂධ පරීක්ෂකවරුන් එක්ව බණ්ඩාරවෙල නගරයේ පෙරේදා (11දා) දහවල් සිදුකළ ෆාමසියක් වැටලීමේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම වෙළෙඳසලේ හිමිකරු හා අදාළ ඔෟෂධය අලෙවි කළ පුද්ගලයාද, එම ඔෟෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන පුද්ගලයාටද නඩු දැමීමට කටයුතු යොදා තිබේ.

මීට වසර තුනකට පමණ පෙර රජය මඟින් මෙම ඔෟෂධය ගෙන්වීම තහනම් කර තිබියදී මෙම ඔෟෂධහලේ මෙම ඔෟෂධය අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය

බළකායේ උපාය දූතයකු යොදා මෙම ඔෟෂධය මිලදී ගන්නා මුවාවෙන් මෙම පුද්ගලයන් කොටුකර ගෙන තිබේ.

වී.ඕ.ජී. වෛද්‍යවරයකුට හැර වෙනත් වෛද්‍යවරයකුට හෝ මෙම ඔෟෂධය භාවිත කිරීමට නොහැකිව තිබියදී මෙම පුද්ගලයන් මීට පෙර රුපියල් සියයකට පමණ මුදලකට අලෙවි කළ මෙම පෙත්තක් රුපියල් පන්දහස් පන්සියයකට අලෙවි කරමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම ඔෟෂධ හා සැකකරුවන් බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon