ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් ගැටී පුද්ගලයින් 3 ක් රෝහලට

  👤  1265 readers have read this article !
Published by : MB WEB 2018-06-13 10:24:41

ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙක් ලිඳුල රජයේ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ලිඳුල පොලිසිය පවසයි.

එම තුවාලකරුවන් අතරින් ත්‍රිරෝද රථයේ රියදුරා බරපතළ ලෙස තුවාල වී සිටි  බැවින් මුලික ප්‍රතිකාර වලින් පසු නුවරඑළිය රජයේ මුලික රෝහල වෙත මාරුකර යැවිමට ලිඳුල රෝහලේ වෛද්‍යවරු පියවර ගෙන තිබේ.

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිඳුල පොලිස් වසමට අයත් ලිඳුල -  බෙයාවල් ප්‍රදේශයේදි 12 වන දා රාත්‍රි 7.30 ට පමණ අනතුර සිදුවී තිබේ.

තලවාකැලේ සිට ලිඳුල දක්වා ධාවනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් මාර්ගය අයිනක නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටි ඇති බවත් එම අවස්ථාවේ ත්‍රිරෝද රථය අධික වේගයෙන් ගමන්කර ඇති බව මුලික පරික්ෂණ වලින් අනාවරණය වු බව පොලිසිය පවසයි.

අනතුරෙන් ත්‍රිරෝද රථයටද දැඩි හානි සිදුවී ඇති අතර ලිඳුල පොලිසිය ඉදිරි පරික්ෂණ මෙහෙයෙවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon