ආගරපතන - බැල්මොරල් වත්තේ නිවාස 12ක් ගිනි ගනී

  👤  1561 readers have read this article !
Published by : MB WEB 2018-06-13 18:04:09

ආගරපතන, බැල්මොරල් වත්තේ වතු නිවාස පේළියක හටගත් ගින්නකින් නිවාස 12ක් ගිනිගෙන විනාශ වී ඇතැයි ආගරපතන පොලිසිය පවසයි.අද(13දා) උදෑසන මෙම ගිනි ගැනීම සිදුව තිබේ. යම් ලෙසකින් එක නිවෙසක ඇතිවූ ගින්දරක් මෙසේ අනෙක් නිවාසවලට පැතිර ගොස් තිබෙන බවත් පොලිසිය හා වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීම නිසා විශාල හානියක් වැළකී ගිය බව ආගරපතන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්දසිරි මහතා පවසයි.

ගින්නට හසුවූ නිවාස 12 තුළ සිටි 49 දෙනකු මේ වන විට අවතැන්ව සිටින අතර ඔවුන් අතර පාසල් ළමයි 13 දෙනකුද සිටින බවත් අවතැන් වූ සියලු දෙනාට අවශ්‍ය ආහාරපාන හා නවාතැන් පහසුකම් සලසාදීමට පියවර ගෙන ඇති බවද කීය.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon